කළුතර සහ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලට අනුයුක්තව සේවය කරන සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තම රාජකාරී කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
මෙම තීරණය හේතුවී ඇත්තේ ස්ථාන මාරුවක් ලබා දී තිබුණු වෛද්‍යවරයෙකු යළිත් වරක් බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය සඳහා අනුයුක්ත කිරීමට කටයුතු කර ඇති නිසාය.