32 C
Colombo
Sunday, June 4, 2023

කොරෝනා වසංගතය අවසන් වූ පසු පිලපීන ජනපති මෙරට සංචාරයක

- Advertisement -

මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකළ ආරාධනයකට අනුව පිලපීන ජනපති රොඩ්රිගෝ ඩුටර්ටේ මහතා විසින් මෙරට සංචාරයක නිරත වනු ඇති බව වාර්තා වනවා.

පිලිපීනය සහ ශ්‍රී ලංකාව අතර වසර 60 ක රාජ්‍යතාන්ත්‍රික සබඳතා සමරමින් දෙරටේ ජනපතිවරුන් අතර සිදුවූ දුරකථන සංවාදයකදී මේ ආරාධනය සිදුකොට ඇති බවයි පැවසෙන්නේ.

පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළේ ගිණිගත් එම්ටී නිව් ඩයමන්ඩ් නම් තෙල් නෞකාවේ සිටි පිලිපීන නාවිකයින් ආරක්ෂිතව ආපසු පැමිණීම සහතික කිරීම පිළිබඳව පිලිපීන ජනපති මෙහිදී ශ්‍රී ලංකා රජයට ස්තූතිය පුද කළේය.

ශ්‍රී ලංකා නාවික හමුදාව නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 22 දෙනා බේරා ගත් අතර ඔවුන්ගෙන් 17 දෙනෙක් පිලිපීන ජාතිකයන් වේ. 2020 සැප්තැම්බර් 26 සහ 2020 ඔක්තෝබර් 26 යන දිනවල ඔවුන් නැවත මෙරටට ගෙන්වා ගන්නා තෙක් ඔවුන්ට ශ්‍රී ලංකාවේ නවාතැන් ගෙන තිබුණි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු ස්ථානවලදී පිලිපීනය විසින් ශ්‍රී ලංකාව සමඟ සහයෝගීව කටයුතු කිරීම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැසසුමට ලක් විය.

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ- සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

RECENT ARTICLES - ENGLISH

Excellent win for Sri Lanka

Sri Lanka defeated Afghanistan by 132 runs in 42.1 overs in the second one-day international against Afghanistan. Afghanistan were...

Risk notices for three districts

0
Landslide warnings have been issued in three districts due to inclement weather. According to the National Building Research Organization,...

Jaffna University bans 31 students

A total of 31 students studying at the University of Jaffna have been temporarily barred from entering the university.