විදුලි බිල යළිත් වරක් ඉහළ දැමීමට රජය ක්රියාකළහොත් ෆොටෝ කොපි ඇතුළු සේවා සැපයුම්වල මිල ඉහළ දැමීමේ සුදානමක් පවතිනවා.
කොළඹ ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා මේ බව කියා සිටියා.
සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසන්නේ විදුලිබිල යලිවතාවක් ඉහළ දැමුවහොත් සිය සේවාවල මිල දැමීමට සිදුවන බවයි.
දැනට ඡායා පිටපතක මිල රුපියල් 15ත් සහ 20ත් අතර විදුලිබිල ඉහළ දැමුවහොත් එය තවත් රුපියල් 5කින් ඉහළ දැමීමට සිදුවන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.