පිල්ලේයාන් නිදොස් කොට නිදහස්

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංගම් ඝාතන නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලේයාන් නොහොත්  සිවනේස්තුරයි චන්ද්‍රකාන්තන් ව නිදොස් කොට නිදහස් කර ඇත. මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කළ ටී.එන්.ඒ. පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනයට සම්බන්ධ යැයි කියන පිල්ලෙයාන් සහ තවත් සැකකරුවන් සිව්දෙනෙකු 2015 වසරේ ඔක්තෝබර් 11 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණි.