32 C
Colombo
Saturday, April 20, 2024

පිල්ලයාන් ආගමික උත්සවයකට

- Advertisement -

රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින ටීඑම්වීපී නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ( පිල්ලයාන්) ආගමික උත්සවයක් සඳහා සහභාගි වීමටද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවසර ලබා දී ඇත.

මඩකලපුව ප්‍රදේශයේ පැවැති හින්දු ආගමික උත්සවයකට නොවැම්බර් 11 වන දින අදාල පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා පැමිණ ඇත.

තවද නොවැම්බර් 10 දින මඩකළපුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම සඳහාද ඔහු සහභාගි වී ඇති අතර එම රැස්වීමට සහභාගිවීමටද ඔහුට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ විශේෂ අවසරයක් ලබා දී ඇත.

රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටියදී ඔහු පසුගිය මහ මැතිවරණයේදී මඩකළපුව දිස්ත්‍රික්කයට තරග කළ අතර පාර්ලිමේන්තුවට තේරී පත්වීමට සමත් විය. ඉන්පසු ඔහුට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි වීමට අවසරය හිමිව ඇත.

අගමැතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේසතුරෙයි මහතාව මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙස අගෝස්තු 22 වන දින පත් කර තිබුණි.

RECENT ARTICLES - SINHALA

අයිස් සමඟ කොටු වූ නාවික හමුදා ලොක්කන් රඳවාගෙන ප්‍රශ්න කරයි

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනා ඇතුළු සිව්දෙනා ලබන 26 වන දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය අද (20) අවසර...

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩවලට මිල සූත්‍රයක්

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ ඉදිකිරීම් භාණ්ඩ නොයෙක් මිල ගණන් යටතේ විකිණීම වැළැක්වීම...

මිලියන 45 ක් නාස්ති කර පාස්කු ගැන තවත් විවාදයක්

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පැවැත්වීමට නියමිත දින තුනක පාර්ලිමේන්තු විවාදය සඳහා රුපියල් මිලියන 45ක්  පමණ වැය වනු ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. මෙය...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...