32 C
Colombo
Saturday, March 25, 2023

පිල්ලෙයාන් පාසල් සිසුන් තම දේශපාලන ප‍්‍රචාරයට යොදවා ගැනීම පිළිබඳ වහා පරීක්ෂණයක් කළ යුතුයි- ලංකා ගුරු සංගමය

- Advertisement -

කල්කුඩා අධ්‍යාපන කලාපයට අයත් පංචන්කර්නි විදුහලේ සිසුන්ව පාසල් නිළ ඇඳුමෙන් යුතුව තූර්යවාදන භාණ්ඩ ද උපයෝගී කරගෙන සිවනේසතුෙරෙ චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) විසින් තම පිළිගැනීම් උත්සවයකට එක් කොට ‍ගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් සිදු කරන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගෙන් ලංකා ගුරු සංගමය ඉල්ලා ඇති බවත් එහි ලේකම් ජෝසෆ් ස්ටාලීන් මහතා පවසයි.

පාසල් තූර්යවාදයක කණ්ඩායම් දේශපාලකයින්ගේ රැස්වීම්වලට යොදවා ගැනීම නොකළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය පවසා ඇති බවත් කොවිඩ් වසංගත ව්‍යාප්තිය තුළ පාසල් ළමුන් කිසිදු බාහිර කි‍්‍රයාවකට යොමු නොකළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය හා රජය අවස්ථා ගණනාවකදී පැහැදිලිව ප‍්‍රකාශ කර ඇති බවත් එසේ තිබියදී මේ ආකාරයෙන් අනීතිකව පාසල් සිසුන් සම්බන්ධ කර ගැනීම  බරපතල තත්වයක් බවත් ඒ මහතා පැවසීය.

ලංකා ගුරු සංගමය මාධ්‍ය වෙත නිකුත් කර තිබූ නිවේදනය පහළින්

සිවනේසතුෙරෙ චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) පාසල් ළමුන් තම දේශපාලන ප‍්‍රචාරයට යොදවා ගැනීම පිළිබඳ වහා පරීක්ෂණයක් කළ යුතුයි

කල්කුඩා අධ්‍යාපන කලාපයට අයත් පංචන්කර්නි විදුහලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසල් නිළ ඇඳුමෙන් යුතුව තූර්යවාදන භාණ්ඩ ද උපයෝගී කරගෙන සිවනේසතුෙරෙ චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) විසින් තම පිළිගැනීම් උත්සවයකට එක් කොට ඇත. පාසල් තූර්යවාදයක කණ්ඩායම් දේශපාලකයින්ගේ රැස්වීම්වලට යොදවා ගැනීම නොකළ යුතු බව පැහැදිලිව දක්වා ඇත. එසේම කොරෝනා වසංගත ව්‍යාප්තිය තුළ පාසල් ළමුන් කිසිදු බාහිර කි‍්‍රයාවකට යොමු නොකළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය හා රජය අවස්ථා ගණනාවකදී පැහැදිලිව ප‍්‍රකාශ කර ඇත. එසේ තිබියදී ද්‍රවිඩ ජාතික සංවිධාන හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජෝසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාඞ් බන්ධනාගාර ගතකොට සිට  පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක් ලෙස පත්වීමෙන් පසු ඇපමත මුදාහැර සිටින පිල්ලෙයාන් විසින් තම පිළිගැනීමේ උත්සවයක් සඳහා මේ ආකාරයෙන් අනීතිකව පාසල් සිසුන් සම්බන්ධ කර ගැනීම  බරපතල තත්වයකි.

ඝාතන චෝදනා ලද මෙම මන්තී‍්‍රවරයා වසංගත අවදානමක් සහිත තත්වයක මේ ආකාරයෙන් පාසල් සිසුන් යොදවා ගැනීම ලංකා ගුරු සංගමය දැඩිව හෙළා දකී. මේ සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් සිදු කරන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගෙන් ලංකා ගුරු සංගමය ඉල්ලා සිටී. නැගෙනහිර පළාත් අධ්‍යාපන බලධාරීන් මෙවැනි තත්වයක් ඇතිවීම සම්බන්ධයෙන් වගකිය යුතු බව ද ලංකා ගුරු සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

පසුගිය සදුදා දින (2020.12.07) පිල්ලෙයන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති දිස්ති‍්‍රක් සංවර්ධන රැස්වීමකදී නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ප‍්‍රකාශ කර සිටියේ පිල්ලෙයාන් මහතා නැගෙනහිර පළාතේ අධ්‍යාපනය සංවර්ධනයට විශාල දායකත්වයක් කර ඇති බවයි. නමුත් 2020 වසරේ පැවති ශිෂ්‍යත්ව විභාගයේ දී මඩකලපු දිස්ති‍්‍රක්කය දිස්ති‍්‍රක්ක අතරින් 23 වෙනි ස්ථානයට පත්ව ඇත. නැගෙනහිර පළාත් අධ්‍යාපන පද්ධතිය දැඩි ලෙස දේශපාලනීකරණය වීම තුළ එහි අධ්‍යාපනය බරපතල ලෙස කඩාවැටී ඇත. අවිධිමත් පත්වීම්, මාරු කිරීම් ඇතුළු විවිධ පලිගැනීම් කි‍්‍රයාවලින් පිරි අධ්‍යාපනයක් එහි කි‍්‍රයාත්මක වෙමින් තිබේ. මෙවැනි පිළිගැනීම් උත්සවලට මේ ආකාරයෙන් පාසල් ළමුන් සහභාගි කිරීමෙන් පෙන්නුම් වන්නේ පවතින යථාර්ථයයි.

මෙයට,

ජෝසප් ස්ටාලින්
ප‍්‍රධාන ලේකම්  

RECENT ARTICLES - SINHALA

ඇමති බන්දුලට හූ කියා ගිය පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට

0
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ...

ලැබෙන ආධාරවලින් හෝ රාජ්‍ය සේවක වැටුප් ගෙවනවා – අගමැති

0
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කැඳවා සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. පළාත් පාලන ඡන්දය පැවැත්වීමට...

බැසිල් හදිසියේම ජනපති හමුවෙයි

0
බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ ඉතා පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා.

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...