වාලච්චේන ප්‍රදේශයේ කෝරලේ පත්තු ප්‍රාදේශිය සභාවට ඇතුල් වීමට තැත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාව ( පිල්ලයාන්) එම ප්‍රාදේශිය සභාවට ඇතුල් වීමට නොදී වළක්වා එම භූමියෙන් ඉවත්වන ලෙස එහි නිලධෘරීන් දැනුම් දී ඇත.
දෙසැම්බර් 11 වන දින කෝරලේ පත්තු ප්‍රාදේශිය සභාවේ අයවැය පවත්වා ඇති අතර එම ස්ථානයේ තම ආධාරකරුවන් සිටින බවත් ඒ මහතා පවසා ඇත.
තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවත් තමන්ට ප්‍රාදේශිය සභාවට ඇතුල්වීමට බලයක් ඇති බවත් ඒ මහතා පවසා ඇත. කෙසේ වෙතත් අදාල ප්‍රාදේශිය සභාවේ නිලධාරීන් එය ප්‍රතික්ෂේප කර ඇති අතර අයවැය සම්බන්ධයෙන් බලපෑම් කළ නොහැකි බව පවසමින් එම ප්‍රාදේශිය සභාවේ නිලධාරීන් ඔහුව ඇතුළ්වීම වළක්වා ඇත.