33 C
Colombo
Thursday, April 18, 2024

අගමැතිගේ පුද්ගලික ධනයෙන් පවුල් 100කට නල ජලය

- Advertisement -

අඩු ආදායම්ලාභී පවුල් 100ක් සඳහා පානීය නල ජල පහසුකම් ලබා දීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (19) දින පස්වරුවේ අනුරාධපුරයේදී සිදුවිය.

අනුරාධපුර මිරිසවැටිය රජ මහ විහාරස්ථානයේ දී සංකේතාත්මකව පවුල් 5ක් සඳහා එම අයිතිය ප්‍රදානය කිරීමේ උත්සවය පැවති අතර සිය හැත්තෑ හයවන ජන්ම දිනයට සමගාමීව පුද්ගලික ධනයෙන් අග්‍රාමාත්‍යවරයා විසින් මෙම පරිත්‍යාගය සිදුකළ බවයි පැවසෙන්නේ.

රජරට විශ්වවිද්‍යාලයේ කුලපති,මිරිසවැටිය චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය ඊතල් වැටුණු වැවේ ඥානතිලක නා හිමි, මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමි, ආචාර්ය අග්‍රහැර කස්සප හිමි ඇතුළු මහා සංඝරත්නය මීට වැඩම කරන ලදි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍ය වාසුදේව නානායක්කාර, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, මහාභාරකාර තැන්පත් නීතිඥ ගනේශ් ධර්මවර්ධන, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම, පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති කීර්ති ශ්‍රී වීරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

May be an image of 11 people, people standing and outdoors
May be an image of 5 people, people sitting and indoor

RECENT ARTICLES - SINHALA

ජාතික ජන බලවේගයේ පිරිසක් කාදිනල් හිමි හමුවට

'පාස්කු ඉරුදින' ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරන ප්‍රතිඥාව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් වෙත...

පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමි වුවන් සිහි කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්

පාස්තු දින ත්‍රස්ත ප්‍රහාරයට වසර පහක් සම්පූර්ණ වන අවස්ථාවේදී එම විනාශකාරී ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීමට ලබන ඉරිදා (21) පෙරවරු 8.45 ට...

පරිසරයට හානි කරනවානම් මේ අංකයට කියන්න

පාරිසරික වැරදි සම්බන්ධව යම් තොරතුරක් වෙතොත් 1997 හෝ 1981 යන කෙටි දුරකථන අංක ඔස්සේ දැනුවත් කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පරිසරය විනාශ කිරීම් සම්බන්ධව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...