28.9 C
Colombo
Thursday, March 27, 2025

මංගල සමරවීරගේ ආරක්ෂක නිලධාරියෙකුගේ නිවසේ තිබී පිස්තෝලයක් හමුවෙලා

- Advertisement -

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකුගේ නිවසේ තිබූ මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයක් ඊයේ මාතර කොට්ඨාශ කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලික ආරක්ෂකයා මීට පෙර හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාවට අනුයුක්තව සිට ඇති බව සඳහන් වනවා.

2002 වසරෙන් පසු පොලිස් සේවයෙන් විශ්‍රාම ගෙන පුද්ගලික ආරක්ෂකයකු ලෙස මංගල සමරවීර මහතා සමගද ඔහු කටයුතු කර තිබෙනවා.

අදාළ ආරක්ෂක අංශ නිලධාරියා මීට වසර කිහිපයකට පෙර හදිසි අනතුරක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහු විසින් භාවිතා කළ බවට සැලකෙන ගිනි අවියක් ඔහුගේ නිවසේ ඇති බවට පොලිසියට ලද තොරතුරු අනුව විමර්ශනය සිදු කර තිබුණා.

එම ස්ථානයේ තිබී මිලිමීටර් නවය වර්ගයෙන් පිස්තෝලයක්, ඒ සඳහා යොදන ජීව උන්ඩ 12ක් සහ මැගසිනයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ක්‍රිෂ් නඩුවෙන් දෙවන විනිසුරුවරයාත් ඉවත්වෙයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාග කරන දෙවන විනිසුරුවරයාත් එම නඩු විභාගයෙන් අද (27) ඉවත් වුණා. මෙම නඩුව විභාග කළ...

ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල

පළාත් පාළන ආයතන මැතිවරණයට අදාලව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි උපරිම මුදල මැතිවරණ කොමිෂන් සභාව මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. රුපියල් 74ත් රුපියල් 160ත්...

හිටපු ASP උඩුගම්පොළ මිලේනියම් සිටි නඩුවෙන් නිදොස් කොට නිදහස්

2002 වසරේ අතුරුගිරිය "මිලේනියම් සිටි" නිවාස සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය විසින් පවත්වාගෙන ගිය ආරක්ෂක නිවස්නයක් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්කොට ජාතික...

POPULAR ARTICLES