කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා හට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට ඒ මහතා විසින්ම ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
ඒ අනුව මේ වන විට ඔහුගේ කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකුද නිරෝධායනයට ලක් කර තිබෙනවා.
මේ අතර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පසුගිය 15 වනදා විවෘත කෙරුණු දකුණු ආසියාවේ විශාලතම ටයර් සහ රේඩියර් ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව වන “ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්) සමාගම” (Ferentino Tire Corporation- PVT Ltd) විවෘත කිරීමේ උත්සවයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමගින් එක්ව සිටියා.
විවෘත කිරීමේ උත්සවයේදී ඔවුන් දෙදෙනා සමීපව කටයුතු කරන ආකාරයද දක්නට ලැබුණා.



