28.9 C
Colombo
Friday, June 20, 2025

දකුණු කොරියාවේ බිහිසුණු ගුවන් යානා අනතුරක් – 28ක් මරුට

- Advertisement -

පුද්ගලයින් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් දකුණු කොරියාවේ මුආන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබෑමේදී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොරියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම මාධ්‍ය වාර්තාවල දැක්වෙනුයේ ගුවන් යානය ධාවන පථයෙන් ඉවතට පැන ගුවන්තොටුපොළේ තාප්පයක ගැටී ඇති බවයි.

අනතුරට පත්වන අවස්ථාවේදී මගී ගුවන් යානය තුළ මගීන් 175 දෙනෙකු සහ ගුවන් සේවිකාවන් 6 දෙනෙකු රැඳි සිට තිබුණා.

ගුවන් යානය තායිලන්තයේ බැංකොක් නුවර සිට පියාසර කරමින් තිබූ අතර එය ගොඩබෑමේදි මෙම අනතුර සිදුව තිබෙනවා.

කොරියානු මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මේ වන විටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

කෙසේ නමුත් මියගිය පිරිස තවත් ඉහළ යා හැකි බවද එම මාධ්‍ය වාර්තා වල  සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

 හල්ලොලුවට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාට ඇප හිමිව තිබෙනවා. හල්ලොලුව මහතා අද (20) පෙරවරුවේ කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය...

අලුතින් පත්වූ බලංගොඩ NPP සභාපති ඉල්ලා අස්වෙලා

බලංගොඩ ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ රංජිත් උදය කුමාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා බලංගොඩ...

ධාවනයට නුසුදුසු වාහන ගැන තීරණයක්

හැටන් - මහනුවර ප්‍රධාන මාර්ගයේ ඊයේ (19) ධාවනය වූ ලංගම හා පෞද්ගලික බස් රථ ඇතුළු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ...

POPULAR ARTICLES

 හල්ලොලුවට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාට ඇප හිමිව තිබෙනවා. හල්ලොලුව මහතා අද (20) පෙරවරුවේ කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය...

අලුතින් පත්වූ බලංගොඩ NPP සභාපති ඉල්ලා අස්වෙලා

බලංගොඩ ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ රංජිත් උදය කුමාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා බලංගොඩ...

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ට්‍රම්ප් සම්බන්ධ විම ළඟදීම

ඉදිරි සති දෙක තුළ ඉරාන-ඊශ්‍රායල ගැටුමට සෘජුව  සම්බන්ධ වනවාද යන්න අමෙරිකාව තීරණය කරන බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ජනපතිවරයා නිවේදනය කළේ, ඉරානය සමග සාකච්ඡා සඳහා...