32 C
Colombo
Tuesday, February 18, 2025

වතු නිවාස වෙනුවට මහල් නිවාස ක්‍රමයක් ගේන්න සැලසුම්

- Advertisement -

වතු ආශ්‍රිත ජනතාවට ඉදිරියේදී සියලු යටිතල පහසුකම්වලින් සමන්විත මහල් නිවාස ක්‍රමයක් ඉදි කිරීමට සැලසුම් කර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.

වතු ප්‍රජාවගේ නිවාස හා යටිතල පහසුකම් වැඩි දියුණු වෙනුවෙන් පසුගිය 24 වැනිදා වැවිලි මානව සංවර්ධන භාරය සමග වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසුවා.

අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ කඳුකර ආශ්‍රිතව නාය යෑමේ අවදානම වැඩි බැවින් ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය හරහා නාය නොයන වතු ඉඩම් හඳුනාගෙන එම ඉඩම් ආශ්‍රිතව මහල් නිවාස ඉදිකිරීමට සැලසුම් කරන බවයි.

වගාවට මෙන්ම නිවාස ඉදිකිරිමටත් ඇති ඉඩම් ඉතා අල්ප බවත් එම නිසා වතු ජනතාවගේ නිවාස ගැටලුවට විසඳුම් වශයෙන් මෙම මහල් නිවාස ඉදි කිරිමට සැලසුම් කර ඇති බව සඳහන් කල අමාත්‍යවරයා කුඩා දරුවන්ට පෙර පාසලේ සිට ඉගනුම් මධ්‍යස්ථාන ද, සමූපකාරයකින් ද ආගමික මධ්‍යස්ථානයකින් යුතු සියලු යටිතල පහසුකම් වලින් සමන්විතව මෙම මහල් නිවාස යෝජනා ක්‍රමය වතු නිවාස ආශ්‍රිත ව සිටින වතු ජනතාවගේ අදහස් හා යෝජනා සමග ඔවුන්ගේ අභිමතය පරිදි ඉදි කිරිමට සැලසුම් කරන බවත් පැවසුවා.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකරපු විදිය ගැන වෘත්තීය සමිති රැසකගේ අප්‍රසාදය

මෙවර අයවැය මඟින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට වෘත්තීය සමිති රැසක අප්‍රසාදය පළ කර තිබෙනවා. අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා...

වියළි කාලගුණික තත්ත්වයෙන් ජල සැපයුමට බාධා

පවතින කාලගුණික තත්ත්වය හමුවේ ජල සැපයුමට බාධා ඇති වීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ දිනවල දිවයිනේ පවතින අධික...

හිටපු ඇමති ප්‍රියංකරට අධිචෝදනා

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබෙනවා. ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක...

POPULAR ARTICLES