27 C
Colombo
Wednesday, March 19, 2025

මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් යළි ඇරඹීමට සැලසුම්

- Advertisement -

මේ වන විට නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ඊට අදාළ ණය වාරිකය සඳහා චීන එක්සිම් බැංකුවේ අනුමැතිය අපේක්ෂාවෙන් සිටින බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන නිල සංචාරය අතරතුර පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස එහි ඉදිකිරීම් යළි ආරම්භ කෙරෙන බව ඔහු සඳහන් කළා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර කඩවත සිට මීරිගම දක්වා කොටස වන අතර එම කොටසේ දිග කිලෝමීටර 37 ක්.

එහි ඉදිකිරීම්වලින් 20% ඉක්ම වූ කොටසක ඉදිකිරීම්, මේ වනවිට අවසන් කර තිබෙනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වැනි අදියරේ ඉදිකිරීම් ද කඩිනම් කර ඇතැයි ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු අනුරාධ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළා.

ඔහු පැවසුවේ, 2026 වසර වනවිට එය ජනතා අයිතියට පත් කිරීමට අපේක්ෂා කරන බවයි.

පොතුහැර සිට ගලගෙදර දක්වා කොටස මධ්‍යම අධිවේගී මාර්ගයේ, තුන්වැනි අදියරට අයත් වන අතර එහි දිග, කිලෝමීටර 32.5 ක්.

එම කොටසේ ඉදිකිරීම් සිදුවන්නේ, දේශීය ඉංජිනේරුවන්ගේ දායකත්වයෙන් සහ දේශීය අරමුදල්වලිනි.

එහි පළමු අදියර ලෙස කිලෝමීටර් 13.5ක දුරකින් සමන්විත පොතුහැර සිට රඹුක්කන දක්වා කොටස පළමුව ජනතා අයිතියට පත් කෙරෙන බව අනුරාධ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

අර්චුනාගේ අශෝභන ප්‍රකාශ ගැන තීරණයක්

රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයාට තාවකාලික වාරණයක් පැනවීමට කටයුතු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසා සිටියා. අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ නිවේදනයක් කරමින් කතානයකවරයා සඳහන් කළේ,...

Breaking: දේශබන්දු තෙන්නකෝන් මාතර අධිකරණයට

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ...

දේශබන්දු වහාම අත්අඩංගුවට ගන්න – වැඩබලන පොලිස්පති

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගැනීමට සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් කටයුතු කරන්නැයි වැඩබලන...

POPULAR ARTICLES

අර්චුනාගේ අශෝභන ප්‍රකාශ ගැන තීරණයක්

රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයාට තාවකාලික වාරණයක් පැනවීමට කටයුතු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසා සිටියා. අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ නිවේදනයක් කරමින් කතානයකවරයා සඳහන් කළේ,...

Breaking: දේශබන්දුට විවෘත වරෙන්තුවක්

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු...

දේශබන්දුගේ බිරිඳ සහ පුතා මතු වෙයි

දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳ සහ පුතා නැවතත් ඔවුන්ට අයත් නිවසකට පැමිණ ඇති බව පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ, ඔවුන් නැවත පැමිණි බව සැලවීමත් සමග එම නිවසට...