25 C
Colombo
Friday, March 29, 2024

කොවිඩ් දේහ භූමදානයට විශේෂඥ උපදෙස් මත භූමියක් තෝරා ගන්නැයි අගමැතිගෙන් උපදෙස්

- Advertisement -

කොවිඩ් 19 වෛරසයෙන් මියයන පුද්ගලයින්ගේ මෘත ශරීර භූමදානය කළ හැකිදැයි සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් දෙසැම්බර් 10 වන දින පවත්වා තිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති අග්‍රාමාත්‍යවරයා කොවිඩ් වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලයින්ගේ දේහයන් භූමදානය කිරීම සඳහා විශේෂඥයින්ගේ උපදෙස් අනුව භූගත ජල මට්ටම ඉතා ගැඹුරු වියළි භූමියක් තෝරා ගන්නා ලෙස එහිදී උපදෙස් ලබා දී තිබේ.

කෙසේ වෙතත් ඔහු එහිදී අදහස් දක්වමින් පවසා ඇත්තේ සෞඛ්‍යයට බලපාන කරුණු හේතුවෙන් ජාතීන් හා ආගම් වශයෙන් තීන්දු තීරණ ගැනීමට නොහැකි බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට සියලු ජනවර්ගවල ජනතාවගේ සහයෝගය අත්‍යාවශ්‍ය බවත් පවසා ඇත.

අදාල සාකච්ඡාවට අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් සහ මුස්ලිම් මන්ත්‍රීවරුන් පිරිසක් ද එක්ව ඇත.

කෙසේවෙතත් දැනට මෙම වෛරසයෙන් මියයන පුද්ගලයෙකුගේ දේහයන් තුළ මෙම වෛරසය දින 36ක පමණ කාලයක් පවතින බව සඳහන් කර ඇති අග්‍රාමාත්‍යවරයා සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට සහය ලබාදෙන ලෙසත් පවසා ඇත.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...