26.4 C
Colombo
Thursday, March 28, 2024

චීනයෙන් ලැබෙන උදව් ගැන අගමැති සතුටින්

- Advertisement -

ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයට චීනයෙන් ලැබෙන අඛණ්ඩ සහය පිළිබඳ ප්‍රසාදය පළ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරන්නේ ඊයේ (27) අරලියගහ මන්දිරයේදී චීන තානාපති චී ෂෙන්හොන් මහතා සමඟ පැවැති හමුවකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් බලකල බවයි.

එහිදී ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙලේ සාර්ථකත්වය පිළිබඳව චීන තානාපතිවරයා සුබ පැතැම් එක්කර ඇති අතර ඒ සඳහා චීන රජයේ අඛණ්ඩ සහය හිමිවන බව ද මෙහිදී සදහන් කර තිබෙනවා.

එමෙන්ම චීන මහජන බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර චීන යුවාන් බිලියන 10ක ද්විපාර්ශවික මුදල් හුවමාරු ගිවිසුම ගෝලීය ආයෝජකයින්ගේ හැගීම් ශක්තිමත් කිරීමට හා ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි විශ්වාසය වැඩි කිරීමට උපකාරි වනු ඇති බව චීන තානාපතිවරයා වැඩිදුරටත් සදහන් කර ඇති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරන්නේ.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...