අතරමඟ නවතා දමා ඇති ව්‍යාපෘති කඩිනමින් අවසන් කරමින් ජලගැලීම් නිසා ජනතාව මුහුණදෙන ගැටලු අවම කිරීමට පළාත් පාලන ආයතන, මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් සාමූහික තීන්දුවකට එළඹෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.
එක් එක් ආයතන වෙත බෙදී ඇති කාර්යයන් නිසි පරිදි ඉටුනොවීම හේතුවෙන් ජනතාව මෙන්ම රජය ද අපහසුතාවට පත්ව ඇති බව අග්‍රාමාත්‍යවරයා පවසයි.
කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවල ජලගැලීම්වලට ලක්වන පහත්බිම් සඳහා විසඳුම් ලබාදීමට අදාළ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
ජනතාවට කඩිනමින් විසඳුම් ලබාදිය යුතු ව්‍යාපෘති සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නිසි ක්‍රමවේදයන්ට යටත්ව ලබා දෙන බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළ බව සඳහන් වේ.
ජලගැලීම් නිසා ජනතාව මුහුණ දෙන ගැටලු අවම කරන රජයේ වැඩපිළිවෙලට රාජ්‍ය නිලධාරින්ගේ සහය මෙන්ම පළාත් පාලන ආයතනවල සහයෝගය ද ඉතා වැදගත් බව ද එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.