25 C
Colombo
Sunday, March 16, 2025

අගමැති යූටියුබ් චැනලයක් අරඹයි

- Advertisement -

දේශීය සහ විදේශීය වශයෙන් මෙරට සංස්කෘතිය පිළිබඳව ප්‍රචාරයක් ලබා දීම හා සංචාරක ආකර්ෂණය වැඩි කිරීමේ අරමුණින් මධ්‍යම සංස්කෘතික අරමුදලේ නව වෙබ් අඩවියක සහ යූ ටියුබ් චැනලයක සමාරම්භය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් අද (03) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී සිදු විය.

ccf.gov.lk වෙබ් ලිපිනය ඔස්සේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ නව වෙබ් අඩවිය වෙත පිවිසිය හැකි අතර “අපේ උරුමය” (Our heritage) නමින් නව යූ ටියුබ් චැනලයට පිවිසිය හැකිය.

මධ්‍යම සංස්කෘතික අරමුදල ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය කළමනාකරණය කරන ප්‍රධාන ආයතනයක් වන අතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීම හා සංරක්ෂණ කිරීම, පර්යේෂණ සිදු කිරීම, බිතු සිතුවම් සහ වෙනත් පුරාවස්තු සංරක්ෂණය කිරීම, පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ මානව සම්පත් සංවර්ධය කිරීම එහි ප්‍රමුඛ කාර්යය භාරයකි.

ශ්‍රී ලංකාවේ සංස්කෘතික සංචාරක ව්‍යාපාරය මෙහෙයවමින් ශ්‍රී ලංකාවේ ආර්ථීක සංවර්ධනය සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල සිය දායකත්වය සපයයි.

පළමුව සංස්කෘතික ත්‍රිකෝණය පාදක කරගනිමින් ප්‍රධාන පුරාවිද්‍යා ස්ථාන 6 කින් ඇරඹි මෙම ආයතනය නව සහශ්‍රකයේ උරුම කළමනාකරණ කටයුතු පුළුල් කරමින් එහි කටයුතු දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වෙත ද විහිදුවා තිබේ.

ඒ අනුව මේ වන විට දිවයින පුරා ප්‍රධාන පුරාවිද්‍යා ස්ථාන 24ක මෙම උරුම කළමනාකරණ කටයුත්තට මධ්‍යම සංස්කෘතික අරමුදල දායක වෙයි. අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, මහා භරකාරතැන්පත් නීතිඥ ගනේෂ් ධර්මවර්ධන, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ, එහි ජාත්‍යන්තර කටයුතු අධ්‍යක්ෂ උපුල් බණ්ඩාරනායක, මාධ්‍ය අධ්‍යක්ෂ ලලිත් උදේෂ මධුභාණු මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

No photo description available.

RECENT ARTICLES - SINHALA

ගිනි අවි සමගින් පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට

ගිනි අවි සමගින් පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ අහුංගල්ල, පල්ලම, මාපලගම, මහනාන්නේරිය සහ අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් පස්දෙනෙක්. ඊයේ (15) රාත්‍රී...

බටලන්ද වාර්තාව ගැන රනිල්ගෙන් අද විශේෂ ප්‍රකාශයක්

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. පසුගිය සතියේ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා...

ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට, පොළොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (16) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව...

POPULAR ARTICLES