33 C
Colombo
Thursday, March 28, 2024

අගමැති යළිත් විදේශ සංචාරයක

- Advertisement -

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනවාරි 02 වන දින නිල සංචාරයක් සඳහා ඩුබායි රාජ්‍යය බලා පිටත්ව යෑමට නියමිතයි.

අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කරන්නේ ජනවාරි 3 වෙනිදා ඩුබායි රාජ්‍යයේදී පැවැත්වෙන 2022 එක්ස්ෆෝ ප්‍රදර්ශනයේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගීවීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා ලැබී ඇති බවයි.

එම සංචාරයේදී අගමැතිවරයා සහ ඩුබායි රාජ්‍යයේ නායකයන් සමග විශේෂ සාකච්ඡා වට කිහිපයක්ද පැවැත්වීමට නියමිතයි.

අග්‍රාමාත්‍යවරයා මීට දින කිහිපයකට පෙර තිරුපති කෝවිල වන්දනාමාන කිරීම සඳහා ඉන්දියාව බලාද පිටත්ව ගියා.

එම සංචාරයට අග්‍රාමාත්‍යවරයා යොදාගත් පෞද්ගලික ජෙට් යානය සම්බන්ධයෙන් මේ වන විට දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක්ද ඇතිවී තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

රජිව් ගාන්ධි ඝාතකයන් 03ක් ශ්‍රී ලංකාවට පිටුවහල් කරලා

රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වැරදිකරුවන් තිදෙනෙකු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට තමිල්නාඩු රජය තීරණය කර තිබෙනවා. රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවන් වූ ශ්‍රීහරන් හෙවත් මුරුගන්,...

ආමර් වීදීයේ ටයර් කඩයක ගින්නක්

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වේල්ස් කුමාර මාවතේ ටයර් කඩයක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයෙන් මේ වනවිට ගිනි නිවීමේ රථ 5ක්...

පෘථිවියේ වෙනසක් නිසා දවසෙන් තත්ත්පරයක් අඩුවෙයි?

ගෝලීය උණුසුම ඉහළ යාමත් සමග ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතිනවා. ඝන අයිස් දියවීමත් සමග පෘථිවියේ හරයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් පෘථිවි භ්‍රමණ වේගය ඉහළ...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අවුරුද්දට කලින් මත්පැන් මිලේ වෙනසක්?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා බදුල්ල...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...