30.4 C
Colombo
Wednesday, April 24, 2024

අගමැති හෙට බොලොඤ්ඤා වෙත

- Advertisement -

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට(12) ඉතාලියේ බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන අන්තර්ජාතික සමුළුවට සහභාගි වීමට නියමිත බව වාර්තා වනවා.

ඒ, එම සමුළුවේ ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහායි.

මීට අමතරව රාජතාන්ත්‍රික හමුවීම් කිහිපයකටම අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස සහභාගීවීමට නියමිතයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතාලි සංචාරයක් අරඹමින් ඊයේ(10) දින ඉතාලිය බලා පිටත්ව ගිය අතර විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු ඇතුළු දූත පිරිසක් මෙම සංචාරයට එක්ව සිටියි.

කෙසේ වෙතත් පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කර සිටියේ අග්‍රාමාත්‍යවරයාගේ මෙම ඉතාලි සංචාරය දැඩිව හෙළා දකින බවයි.

මෙම සංචාරය මගින් අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පාස්කු ප්‍රහාරය පිළිබදව ජාත්‍යන්තරය හමුවේ වැරදි අවබෝධයක් ඇතිකිරීමට උත්සහ කරන බවට කාදිනල්තුමා චෝදනා කර සිටියා.


RECENT ARTICLES - SINHALA

Breaking: දමිතාට හා සැමියාට ඇප

කොරියාවේ විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රංගන ශිලිපිනී දමිතා අබේරත්නට සහ ඇගේ සැමියා ඇප මත මුදාහැර...

මහ නගර සැලසුම් හදන්න සිංගප්පූරු ධූත පිරිසක් දිවයිනට

මෙරට මහ නගර සැලැස්ම නිර්මාණය කරන සිංගප්පූරුවේ සබානා ජූරම් සමාගමේ නියෝජිතයින් පිරිසක් අද(24) යළිත් දිවයිනට පැමිණ තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් රණවීර මහතා...

සිරිසේනට තවත් අතුරු තහනම් නියෝගයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නිදහස් පක්ෂ සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (24) තවත් වාරණ නියෝගයක් නිකුත් කළා. ඒ එම පක්ෂයේ හිටපු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...