32 C
Colombo
Sunday, March 16, 2025

මහබැංකු අධිපති තනතුරට අගමැති මාව පත් කරන්නේ නෑ..! – දිනේෂ් වීරක්කොඩි

- Advertisement -

තමන්ව ශ්‍රී ලංකා මහබැංකු අධිපති තනතුරට පත්කිරීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කරමින් සිටින බවට ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිර යන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කමර්ෂල් බැංකුවේ සහ හැටන් නැෂනල් බැංකුවේ හිටපු සභාපතිවරයකු වන දිනේෂ් වීරක්කොඩි පවසනවා.

එවන් පියවරක් සම්බන්ධයෙන් තමන් කිසිසේත්ම නොදන්නා අතර එවැනි කිසිදු ඉල්ලීමක් ද තමන් කර නොමැති බවයි ඔහු අවධාරණය කරන්නේ.

එමෙන්ම නිදහසින් පසු බරපතළම මූල්‍ය අර්බුදයට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මේ මොහොතේ තමන් අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් නියැළී සිටින්නේ සම්පූර්ණයෙන්ම ස්වේච්ඡා සේවයක බව පැවසූ ඔහු අසත්‍ය ප්‍රචාරණවලින් වැළකී සිටින ලෙස ඉල්ලීමක් ද කරනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය සතියේදී දිනේෂ් වීරක්කොඩි මහතාව සිය භාණ්ඩාගාර කටයුතු පිළිබඳ උපදේශකවරයා වශයෙන් පත්කර ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තා කළ අතර එය “ගරු සේවයක්” හෙවත් කිසිදු වැටුප් හෝ දීමනාවකින් තොර තනතුරක් බවත් වාර්තා විය.

එම තනතුර, හිටපු බැංකු සභාපතිවරයකු සහ තවත් ප්‍රමුඛ පෙළේ පෞද්ගලික ආයතන කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වශයෙන් මූල්‍ය ක්ෂේත්‍රය තුළ වීරක්කොඩි මහතාට ඇති පෘථුල අත්දැකීම් උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකා මහබැංකුව, වාණිජ බැංකු සහ මහාභාණ්ඩාගාරයේ අදාළ අංශ සමග සම්බන්ධීකරණ කටයුතු සිදුකරන තනතුරක් බවයි වාර්තා වූයේ.

RECENT ARTICLES - SINHALA

සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට දැනුම්දීමක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපෙක්ෂකයින් 474,147 අයදුම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. හෙට දිනයේදී පැවැත්වෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය...

පුංචි ඡන්දයේ නාමයෝජනා ගැන කොමිසමෙන් දැනුවත් කිරීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකරයන් සම්බන්ධව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, කරුණු...

මේ වාර්තාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා – රනිල්

බටලන්ද නිවාස සංකීර්ණයෙන් පොලිස් නිලධාරීන්ට ගොඩනැගිලි සහ නිවාස කීපයක් ලබාදීම සම්බන්ධයෙන් තමා ඊට වක්‍රාකාරයෙන් වගකිව යුතු බව පමණක් බටලන්ද කොමිෂන් සභාව වාර්තාවේ සඳහන් වන...

POPULAR ARTICLES