ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලබන සතියේදී ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
ඔහු මෙම අදහස් පල කළේ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විශේෂ රැස්වීමක් අද (31) පෙරවරුවේ පක්ෂ මූලස්ථානයේදී පැවති අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර අවස්ථා ගණනාවකදී පැවති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වූ පසුබිමක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය මේ වන විට තීරණය කර ඇත්තේ තම පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමටයි.
ඒ අනුව, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නිල වශයෙන් නම් කිරීම අද සිදු කරන බවට ප්‍රකාශ කර තිබූ නමුත් එය තවදුරටත් කල් දමා තිබෙනවා.
එහිදී අදහස් දැක්වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා,
“අපි කවුරු ගියත් මෙහෙ ඡන්ද ගෙනියන්න බැහැ. ඔය ගියපු ඔක්කොම මහින්ද රාජපක්ෂ මහත්තයගේ පින්තූරේ ගහගෙන තමයි පාර්ලිමේන්තු ආවේ. ජනාධිපති අපේක්ෂකයා තාම ප්‍රේහේලිකාවක්. “
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රජපක්ෂ කියා සිටියේ,
“අපේක්ෂකයා කවුද කියලා ලබන සතිය වෙනකොට කියන්න පුළුවන් වෙයි. ජනාධිපති අපේක්ෂකයා ගැන උදයංග මහතතයා කියන්නේ බොරු….
රනිල් වික්‍රමසිංහ පොහොට්ටුව ලකුණෙන් ඉදිරිපත් වෙන්න කැමති උනොත් ඊළඟ දේශපාලන මණ්ඩලයෙන් ඒ ගැන තීන්දුවක් ගන්න පුළුවන්…”