30 C
Colombo
Monday, March 20, 2023

කිරිබත්ගොඩ වෙළෙඳ සංගමයේ ලේකම්ට පොහොට්ටු මන්ත්‍රීගෙන් ප්‍රහාරයක්

- Advertisement -

කිරිබත්ගොඩ පොදු වෙළෙඳ සංකීර්ණ වෙළෙඳ සංගමයේ ලේකම් සිරිල් පතිරණගේ මහතාට කැළණි ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී දුමින්ද පෙරේරා සහ ඔහුගේ සහචරයින් 8 දෙනෙකු පමණ පහරදීමක් සිදුකර ඇති බවට කිරිබත්ගොඩ පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

අදාල පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ සිරිල් පතිරණගේ මහතා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඉකුත් 8 වැනිදා රාත්‍රී ආහාර මිලදී ගැනීම සඳහා කිරිබත්ගොඩ – ගාල හන්දිය ප්‍රදේශයේ රාත්‍රී ආපන ශාලාවක් වෙත ගිය සිරිල් පතිරණගේ මහතාට මත්පැන් පානය කර සිටි අදාල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පරුෂ වචනයෙන් බැණවැදී ඔහුගේ සඟයින් සමඟ එක්ව දැඩිලෙස පහරදී ඇති බවටයි වෙළෙඳ සංගමයේ සභාපති විජිත රෝහණ විජයමුණි මහතා පවසන්නේ.

අදාල ප්‍රහාරයෙන් සිරිල් පතිරණගේ මහතාගේ ඇසකට දැඩි හානි සිදුව තිබෙනවා.

අදාල ප්‍රහාරයට හේතුව පැහැදිලි කිරීමට වෙළෙඳ සංගමයේ සභාපතිවරයා පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

” කිරිබත්ගොඩ පොදු වෙළෙඳසැලේ රථගාල සංවර්ධනය කරනවා කියලා ඉන්ටර්ලොක් ගල් ඇල්ලුවා. මුළු වියදම ලක්ෂ 85 ක්. ඒ තරම් වියදමක් දරලා හදපු රථගාල නඩත්තු කටයුතු නිම කරලා වසරකට වැඩි කාලයක් වහලා තිබුණා. හේතුව ප්‍රදේශයේ රාජ්‍ය ඇමති ඇතුළු දේශපාලකයන්ගේ වුවමනාවට. අපිට වාහනයක් පාර්ක් කරගන්න තැනක් නැතිව අතරමං වෙලා හිටියා. මහජන ආරක්ෂක ඇමතිවරයාට මම මේ බව දැනුම් දුන්නට පස්සෙ එතුමා උපදෙස් දුන්නා වහාම මේ රථගාල විවෘත කරන්න කියලා. ප්‍රදේශයේ නමගිය දේශපාලකයෙකුගේ හයිය මත උත්සව සමයට මේ රථගාල තාවකාලික කඩ 36 ක් විවෘත කරන්න කැළණිය ප්‍රාදේශීය සභාවේ අනුමැතියත් අරගෙන තිබුණා.
ඒ වගේම සමහර මන්ත්‍රීලා මේකේ වැසිකිළියෙන් පවා මුදල් ගරාගත්තා. ඒවට විරුද්ධ වුන නිසයි වෙළෙඳ සංගමයේ ලේකම්වරයාට පහරදීලා තියෙන්නේ. මෙවැනි දේශපාලකයන්ට නාමයෝජනා දීම වහාම නතර කළ යුතුයි. උගත්කමක් නැති, මුදල් හෙවීම හා පළිගැනීම මූලික අරමුණු කරගත් බේබදුකමට නම ගිය අයට මන්ත්‍රී පට්ටම් දීමෙන් ප්‍රදේශයේ සාමයට බාධා ඇතිවෙනවා. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම දේශපාලන බලය මත පැහැර හැරියොත් අපි ඊළඟ පියවරට යනවා.”

අදාල පහරදීමට අදාල පුද්ගලයන් සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා කිරිබත්ගොඩ පොලීසියට උපදෙස් ලබාදී ඇතත් මේ වන තෙක් කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට නොගැනීම පුදුම සහගත බව කිරිබත්ගොඩ පොදු වෙළෙඳ සංකීර්ණ වෙළෙඳ සංගමයේ අනුශාසක මාකොළ මංගල හිමියන් සදහන් කරනවා.

“අපේ සංගමයේ ලේකම් සිරිල් පතිරණ මහතාට ගාල හන්දිය අසලදී දුමින්ද පෙරේරා මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් පහරදීලා තියෙනවා. මේ මන්ත්‍රීවරයා වෙළෙඳ සංගමය සහඟ පසුගිය කාලයේ ඇතිකරගත් සිද්ධියක් හේතුකරගෙන මේ පහරදීම සිදුකර ඇතිබව පෙනී යනවා. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මේ අය හුරතල් කරන්න එපා. මේ පිළිබදව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අය අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න. මේ පිළිබදව මේ වනතුරුත් කිසි දෙයක් වෙලා නැහැ. ඒ අය අත්අඩංගුවට නොගත්තොත් අපි පොලීසිය වටලනවා. අපි ප්‍රසන්න රණවීර ඇමතිවරයගෙන් ඉල්ලා සිටින්නේ මේ වගේ වැඩ කරන්න දෙන්න එපා කියලයි. කිරිබත්ගොඩ තිබුණ භීෂණය නැති වුණා කියලා අපි සතුටු වුණා. නමුත් ඊට වැඩි භීෂණයක් දැන් තියෙනවා. මේ නගරයේ එළවළු විකුණන අයගෙන්, බුලත් විට විකුණන අම්මාගෙන් කප්පම් ගන්නවා. මේ පිළිබදව සොයා බලන්න.”


RECENT ARTICLES - SINHALA

අපි කෘතිම බුද්ධිය ගැනත් පාසල්වල උගන්වනවා – ඇමති සුසිල්

මාර්තු 30 වනදා සිට 01 ශ්‍රේණියේ සෑම පන්තියකම ඉංග්‍රීසි භාෂාව කථනයෙන් භාවිත කිරීම දීපව්‍යප්ත මට්ටමින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල්...

පොලිස්පතිගෙන් සියළු පොලිස් ස්ථානවලට විශේෂ දැනුම් දීමක්

0
පොලීසිය විසින් සිදුකරන වැටලීම්, මෙහෙයුම්, සැකකරුවන්ගේ ප්‍රශ්ණ කිරීම්, අත්අඩංගුවට ගැනීම ආදිය සම්බන්ධව වීඩියෝ දර්ශන, පින්තුර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ප්‍රචාරය කිරීම සියලුම...

විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයට ඇමති ගෝලයෝ පහරදීලා

දිවුලපිටිය - ගොඩිගොමුව ප්‍රදේශයේදී විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සාමාජීකයින් කිහිපදෙනෙකුට පහරදීමක් සිදුකර තිබෙනවා. විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව එම සංගමය...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.