32 C
Colombo
Friday, March 29, 2024

ජනපතිගේ පත්කිරීමට එරෙහිව පොහොට්ටු වෘත්තීය සමිති විරෝධතාවයක

- Advertisement -

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ එම ධුරයෙන් ඉවත් කරන ලෙසට බල කරමින් දෙහිවල සත්වෝද්‍යානය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ, ශ්‍රී ලංකා පොදුජන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සේවක සංගමය විසින් මෙම විරෝධතාවය පවත්වාගෙන යෑම විශේෂත්වයක්.

දෙහිවල සත්වෝද්‍යානයේ සතුන් මියයෑම හා රෝගීවීම සම්බන්ධයෙන් සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරුන් මෙන්ම සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සොයා නොබැලීමට විරෝධය පලකරමින් මෙම විරෝධතාවය ආරම්භ කර තිබෙනවා.

මේ අතර අද දිනයේ සත්වෝද්‍යානය නැරඹීමට පැමිණි සංචාරකයන් හට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට පශු වෛද්‍යවරුන් ප්‍රවේශපත් කවුළුවල සේවය කළ අතර විරෝධතාවයේ නිරත පිරිස් ඔවුන්ට හූ තැබීමටද කටයුතු කළා.

ජනාධිපති කාර්යාලයේ සමාජ මාධ්‍ය ප්‍රධානියා ලෙස ද කටයුතු කරනු ලැබූ ශර්මිලා රාජපක්ෂ මහත්මිය පසුගිය ඔක්තෝම්බර් 28 වනදා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කළා.

ඊට පෙර එම තනතුර දරනු ලැබූවේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේද ඥාති දියණියක වන ඉෂිනි වික්‍රමසිංහ මහත්මියයි.

සත්වෝද්‍යානය භාරයේ සිටින අලි ඇතුන් කිහිප දෙනෙකු යළිත් මුල් අයිතිකරුවන්ට ලබාදීමේ තීරණයකට විරෝධය පලකරමින් ඇය සිය ධූරයෙන් ඉල්ලා අස්වුණා.


RECENT ARTICLES - SINHALA

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

P.H.I ඝාතන විමර්ශන CIDයට

ඇල්පිටිය ප්‍රදේශයේදී PHI නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යම් යම් තොරතුරු ලැබෙමින් පවතින බව පොලීසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව...

රුසියානු – යුක්රේන යුද්ධයෙන් මියයන ශ්‍රී ලාංකික සෙබලුන් ගැන වාර්තාවක්

රුසියානු – යුක්රේන යුද්ධය අතරතුර ශ්‍රී ලාංකික සෙබළුන් 5 දෙනෙකු පමණ මේ වන විට මිය ගොස් ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා. එම වාර්තාවල සඳහන්...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...