29 C
Colombo
Wednesday, March 29, 2023

පොහොට්ටු ප්‍රතිපත්ති වෙනුවෙන්- රාජ්‍ය සේවකයන්ට දිවුරන්න සිදුවෙයි

- Advertisement -

මැතිවරණයකට ඉදිරිපත් කළ දේශපාලන පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශයක් වන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන බවට දිවුරුම් දීමට රාජ්‍ය සේවකයන්ට සිදු වී තිබේ.

ජනවාරි 01 වැනි සිකුරාදා සියළු රාජ්‍ය සේවකයන් එම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන බවට දිවුරුමක් ලබා දිය යුතුය. ඒ සඳහා සියළු ආයතනවල උත්සව ක්‍රියාත්මක කරන ලෙසට නියෝග ලැබී තිබේ.

මුලින්ම එළිදැක්වූ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටකවරයෙහි පොහොට්ටුව ලකුණ සහ කතිරය සඳහන්ව ඇත.

සම්ප්‍රදායක් ලෙස මැතිවරණවලට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශන රාජ්‍ය පාලනයේදී දේශපාලන නායකයන් අනුගමනය කළද, එහි සංකල්ප අනුව රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කළද, රාජ්‍ය සේවකයන්ට පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශයක් ක්‍රියාත්මක කරන බවට දිවුරුම් දීමට සිදු වන්නේ නැත. රාජ්‍ය සේවකයන්ට ස්වාධීනව තමන්ගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කිරීමට අවස්ථාව ඇත. ඔවුන් බැඳී සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ආයතන සංග්‍රහය, අණ පනත් සහ චක්‍රලේඛ මතය.

ලෝක දේශපාලනයේ එවැනි උදාහරණ ඇත්තේ ඇඩොල්ෆ් හිට්ලර් නාසි ප්‍රතිපත්ති රටේ ප්‍රතිපත්ති ලෙස ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ අවස්ථාව වැනි, ඒකාධිපති පාලකයන්ගේ පාලන සමයන්හිදිය.

මීට පෙර රජයේ නිල ලේඛන, ගැසට් පත්‍ර ආදියට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කරුණු ඇතුළත් කර තිබුණු අතර, දේශපාලන පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එලෙස නිල ලේඛනවලට ඇතුළත් කිරීම පිළිබඳ විචාරකයන් විවේචන සිදු කර තිබුණි.

RECENT ARTICLES - SINHALA

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...

ජාතික රූපවාහිනියත් විකුණන්න යයි

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත් විසින් සේවකයන් වෙත ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වන්නේ නම් ඒ සඳහා අදාළ අයදුම්පත් ඉදිරිපත් කරන...

මුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෙහි පෙත්සම් දෙකක් හෙට කැඳවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් හෙට (30) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...