තෙල් මිල ඉහළ දමා රජය ආහසුතාවයට පත්කළ උදය ගම්මන්පිළ මහතා සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස් විය යුතු බවට ප්‍රකාශ කළ ශ්‍රී ලංකා පොදජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා අද (05) පැවති මාධ්‍ය හමුවේදී දැක්වූවේ ඊට වෙනස් අදහසක්.
විශ්වාසභංගයකින් උදය ගම්මන්පිළ මන්ත්‍රීවරයා ඉවත් කිරීම හරහා රජය අපහසුතාවයකට පත්විය හැකි බවට සාගර කාරියවසම් මහතා අද දින ප්‍රකාශ කළද මීට පෙර අවස්ථාවකදී ඔහු ප්‍රකාශ කළේ උදය ගම්මන්පිළ මහතා විසින් රජය අපහසුතාවයට පත්කරන බවයි.
අමාත්‍ය උදය ගම්මන්පිළට එරෙහි විශ්වාසභංගයට පක්ෂව ඡන්දය පළ කරන්නේද යන්න අද මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කර සිටියේ එය වැඩිදුරටත් සාකච්ඡා කොට ගත යුතු තීරණයක් බවත් විපක්ෂයේ උවමනා මත එම තීරණය නොගන්නා බවත් ය.
ශ්‍රී ලංකා පොදජන පෙරමුණේ මහ ලේකම්වරයා මේ වන විට්ට එසේ ප්‍රකාශ කළද උදය ගම්මන්පිළ මහතාට එරෙහි විශ්වාසභංගය ගෙන ඒමට පෙරත් ඔහු සිය අමාත්‍ය ධූරයෙන් ඉවත්විය යුතු බවට අවධාරණය කරන ලද්දේද සාගර කාරියවසම් මහතා විසින් ය.