32 C
Colombo
Friday, April 19, 2024

පහන්තුඩාව අසභ්‍ය වීඩියෝවේ යුවල පොලිස් අත්අඩංගුවට

- Advertisement -

පහන්තුඩාව දියඇල්ල අසළ අසභ්‍ය වීඩියෝ දර්ශනයේ සිටින යුවල අද (02) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ ජාලා විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් තරුණිය ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙක් වන අතර ඇය පන්නිපිටිය ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන් ගෙන සිට ඇති බවටයි වාර්තා වන්නේ.

එමෙන්ම අදාළ දර්ශනවල සිටන තරුණයා 34 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.

මෙම යුවළ අත්අඩංගුවට ගෙන ඇත්තේ අසභ්‍ය වීඩියෝපට නිෂ්පාදනය කිරීමේ චෝදනාව මතයි.

එමෙන්ම, අදාල වීඩියෝ පටය ළඟ තබා ගැනීම හා පුද්ගලයින් අතර බෙදා හැරීම තහනම් බවත් එය ශ්‍රී ලංකාවේ නීතිය යටතේ දඩුවම් ලැබිය හැකි අපරාධමය වරදක් බවත් ශ්‍රී ලංකා පොලිසිය දැනුම් දී සිටිනවා.

මෙම වීඩියෝ පටය සහ ඊට අදාල දර්ශන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේ දිනවල සංසරණය වූ බවත් දරුවන් ඔන්ලයින් අධ්‍යාපනයට යොමුව ඇති වකවානුවක මෙම දර්ශන නැරඹීමට යොමුවුවහොත් එය ඛේදජනක බවත් ශ්‍රී ජයවර්ධනපුර ජයසේකරාරාමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මින්පෙර යොමුකළ ලිපියක දැක්වුණා.


RECENT ARTICLES - SINHALA

මුහුද මැදදී මගී බෝට්ටුවක දරුවෙකු ප්‍රසූත කරයි

යාපනය නාගදීපය ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට...

රැග් එක නවත්තන්න ‘මෛත්‍රී’ මාසයක්

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කීරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. උසස්...

කන්ටේනර් අනතුරෙන් හතරක් රෝහලට

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද (19) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලවෙල හන්දිය...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...