27.8 C
Colombo
Thursday, April 25, 2024

ඉන්දියාවෙන් ණයට ගත් මිලියන 2,500 කින් පොලීසියට ජීප් 750ක් ගනියි

- Advertisement -

ශ්‍රී ලංකා පොලීසිය මගින් මහජනතාවට සපයන සේවාව කඩිනම් කිරීම හා කාර්යක්ෂම කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලිසියට ජීප් රථ 750ක් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දීම සඳහා වූ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම අද (30) මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී සිදු කෙරිණි.

මෙම ජිප් රථ ලබාදීම අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වන අතර අගෝස්තු මස අවසානයට පෙර ජිප් රථ 250ක්ද, සැප්තැම්බර් මස අවසානයට පෙර ජිප් රථ 250ක් සහ 2023 වසරේ මාර්තු මස අවසානයට පෙර ජිප් රථ 250ක්ද ලබාදීම මෙම ගිවිසුම අනුව සිදුවේ.

මෙහි මුළු වටිනාකම බිලියන 2.5 කි.

මේ වන විට ශ්‍රී ලංකා පොලිසිය සඳහා ත්‍රීවිල් රථ 2000 ක්, ජපන් ආධාර යටතේ ජිප් රථ ඇතුළු වාහන 72ක් සහ යතුරුපැදි 150 ක් ලබා දී ඇත.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා සහ මහේන්ද්‍රා සහ මහේන්ද්‍ර ආයතනයේ උප සභාපති හා ප්‍රධානී ජොයිඩීප් මොයිට්‍රා යන මහත්තුරු ගිවිසුම් අත්සන් කර හුවමාරු කරගන්නා ලදී.

මේ අවස්ථාව සඳහා මහජන ආරක්ෂක ඇමත්‍ය සරත් වීරසේකර මහතා සහ පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගි විය.

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...