25 C
Colombo
Saturday, July 19, 2025

කහවත්තේ සිද්ධිය ගැන පොලිස් කොමිසමෙන් පරීක්ෂණයක්

- Advertisement -

කහවත්ත ප්‍රදේශයේ දී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබෙනවා.

එහි ප්‍රකාශයෙකු පැවසුවේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇති බවයි.

මාසයක කාලයක් ඇතුලත අදාළ වාර්තාව ලබාදෙන ලෙස ද ජාතික පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.

කහවත්ත ප්‍රදේශයේ දී පසුගිය මස 30 වන දින නිවසක සිටි තරුණයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් වෙඩි තැබීමක් සිදුකර තිබු අතර එහිදී 22 හැවිරිදි තරුණයෙකු මිය ගියා.

තවත් තරුණයෙකු තුවාල ලැබූ අතර ඔහු ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කෙරුණා.

මෙම වෙඩි තැබීමේ සිදුවීම පිළිබඳව සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් පොලිසියට ද චෝදනා එල්ල වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කළ බව ජාතික පොලිස් කොමිසම පැවසුවා.

RECENT ARTICLES - SINHALA

සබරගමුව නවකවද සිද්ධිය: උපකුලපති වෙනුවෙන් නීතිපති නැහැ

සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ සිසුවකු නවක වදයට ලක්වීම හේතුවෙන් සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළව විමර්ශනයක් කර සිද්ධියට සම්බන්ධ සිසුන්ට එරෙහිව සුදුසු පියවර...

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) අද (18) දිනයේදී ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද ඒකක 96.85 කින් ඉහළ ගොස් ඇති අතර,...

දෙහිවල වෙඩික්කරු පලාගිය යතුරුපැදිය සොයා ගනී

දෙහිවල වෙඩි තැබීමට යොදා ගත් යතුරුපැදිය පිළියන්දල විකල්ප මාර්ගයේ විහාරස්ථානයක් ඉදිරිපිට මාර්ගයේ දමා ගොස් තිබියදී හමු වී තිබෙනවා. දෙහිවල පොලීසිය පැවසුවේ, රතු පාටට හුරු ආරක්ෂක...

POPULAR ARTICLES