24 C
Colombo
Sunday, January 19, 2025

රාහුල් ගාන්ධිට එරෙහිව පොලිස් පැමිණිල්ලක්

- Advertisement -

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධීට එරෙහිව පොලිස් පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

ඒ, භාරතීය ජනතා පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්.

ඊයේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ NDA සන්ධානය සහ කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ ඉන්ඩියා සන්ධානය විරෝධතා පාගමන් දෙකක් සංවිධානය කර තිබුණා.

එහිදී දෙපිරිසම පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිටට පැමිණි අවස්ථාවේදී යම් කළහකාරී තත්ත්වයක් මතුවූ බව විදෙස් වාර්තාවල සඳහන් වනවා.

එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ පියගැටපෙළ මතදී රාහුල් ගාන්ධී විසින් භාරතීය ජනතා පක්ෂයේ එක් මන්ත්‍රීවරයෙකු තල්ලු කළ බවත්, එහිදී අදාළ මන්ත්‍රීවරයා තවත් මන්ත්‍රීවරයෙකු මතට ඇද වැටී ඇති බවත් වාර්තා වනවා.

පසුව අදාළ මන්ත්‍රීවරුන් දෙදෙනා, විපක්ෂ නායකවරයාට එරෙහිව, පොලිස් පැමිණිල්ලක් ගොනු කර, රෝහල් ගතවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

ඉන්දීය මාධ්‍ය වාර්තා වල දැක්වෙන්නේ, සිදුවීමෙන් අනතුරුව, කතානායක ඕම් බිර්ලා විසින්, පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට කිසිදු ආකාරයක විරෝධතාවක නිරත වීම තහනම් කර ඇති බවයි.

ඉන්දීය ලෝක් සභා මන්ත්‍රීවරුන් මෙම විරෝධතාවන්හී නිරත වූයේ, ඉන්දියාවේ පළමු අධිකරණ අමාත්‍යවරයා ලෙස සැලකෙන ආචාර්ය බී ආර් අම්බෙද්කාර්ට එරෙහිව ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ශා විසින් සිදු කළ ප්‍රකාශයක් මුල් කරගනිමින්.

කොන්ග්‍රස් පක්ෂය අදාළ ප්‍රකාශයට එරෙහිවත්, භාරතීය ජනතා පක්ෂය, කොන්ග්‍රස් පක්ෂය දක්වන විරෝධයට එරෙහිවත් විරෝධතා ආරම්භ කළා.

RECENT ARTICLES - SINHALA

මහින්ද කොළඹ ගෙදරින් දොට්ට වැටෙන ලකුණු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින නිවස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඔස්සේ තක්සේරු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසා සිටියේ එම නිවසෙහි තක්සේරුව...

මහ ගංවතුර තත්ත්වයක්; වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදන

නාච්චාදූව ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර ඇති බැවින් මේ වනවිට තත්පරයට ඝණ අඩි 3,700 ක් තරම් සීග්‍රතාවයකින් මල්වතු ඔයට ජලය පිටවාන් දැමීම සහ මල්වතු...

‍මන්නාරම් වෙඩි තැබීමට හමුදා සෙබළකු ඇතුළු තුනක් මාට්ටු

මන්නාරම අධිකරණ සංකීර්ණය ඉදිරිපිට සිදුකළ වෙඩි තැබීමේ සිදුවිම සම්බන්ධයෙන් යුද හමුදා සෙබළකු අ‍ැතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය පවසනවා. පොලිසිය සඳහන් කළේ සැකකරුවන් අතර...

POPULAR ARTICLES