30 C
Colombo
Tuesday, April 29, 2025

හරක් කටාට පනින්න උදව් කළ පොලිස් කොස්තාපල්ට අධි චෝදනා

- Advertisement -

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට ඉන් පලායාමට ආධාර අනුබල දුන්නේ යැයි ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන රැගෙන එන ලද එම දෙපාර්තමේන්තුවේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයා අද (17) කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන එම සැකකරු අද එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා හමුවට පමුණුවනු ලැබුවා. 

ඉන් අනතුරුව අදාළ චෝදනාව සම්බන්ධයෙන් විත්තිකරු පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව අධි චෝදනා පත්‍ර භාරදීම සිදුවුණා. 

එම අධි චෝදනා පවරා පවත්වාගෙන යාමට ඇති හැකියාව සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ඔහුගේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නා.

ඉන් අනතුරුව නඩු විභාගය අප්‍රේල් මස 04 වනදා පැවැත්වීමට ද නියම කරනු ලැබුවා.

මෙම නඩුවේ තවත් විත්තිකරුවකු වශයෙන් නම් කර සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නැමැත්තා නඩු විභාගය සඳහා අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව ඔහුගේ නීතිඥවරු අද අධිකරණයට දැනුම් දුන්නා. 

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දයේ නිහඬ කාලය ගැන දැනුම්දීමක්

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ප්‍රචාරණ කටයුතු ලබන 03 වන සෙනසුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා. මැතිවරණ කොමිසම...

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදය යථා තත්ත්වයට

මුහුදුබඩ මාර්ගයේ පැවති දුම්රිය ප්‍රමාදය මේ වනවිට යථාතත්වයට පත්ව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, ඉඳුරුව ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ පාලමක ඇතිවූ ගැටලුවක් හේතුවෙන් අද (29)...

30ක් රෝහලට යැවු බස් අනතුරක්

බෙලිඅත්ත, පොලිස් වසමේ හෙට්ටිආරච්චි වංගුව අසන්නයේදී පුද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා...

POPULAR ARTICLES