30 C
Colombo
Monday, March 20, 2023

කල්ඉකුත්වූ කඳුළු ගෑස් සම්බන්ධයෙන් පොලීසියට බැණුම්

- Advertisement -

විරෝධතාකරුවන්ට කල් ඉකුත්වූ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධ තොරතුරු ජාතික ආරක්ෂාවට බරපතල අගතියක් වන බව කියමින් හෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කළේ කුමක පදනමකින් දැයි ලිඛිතව දැනුම් දෙන ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ශ්‍රී ලංකා පොලීසියට අද (01) නියෝග කළා.

ජීවිතයට සහ පෞද්ගලික නිදහසට අදාළ වන තොරතුරු ඉල්ලීමක් ලෙස කර ඇති මෙවැනි තොරතුරු ඉල්ලීම්වලට පනත අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියට එරෙහිව නඩු පැවරීමට පවා සිදුවනු ඇති බව කොමිෂන් සභාව මෙහිදී අවධාරණය කළා.

කල් ඉකුත්වූ කඳුළු ගෑස් සම්බන්ධයෙන් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් කරන ලද තොරතුරු ඉල්ලීමකට අදාලව තොරතුරු ලබා නොදීම සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවට කළ අභියාචනයක් අද (1) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි එම කොමිෂන් සභාවේදී විභාගයට ගත් අවස්ථාවේ මෙම නියෝග නිකුත් කර තිබුණා.

අභියාචනය තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් වන විශ්‍රාමික විනිසුරු රෝහිණී වල්ගම, නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන සහ නීතිඥ ජගත් ලියනආරච්චි යන මහත්වරුන් ඉදිරියේදී විභාගයට ගැණුනා.

අභියාචනය කැඳවූ අවස්ථාවේදී මූලිකව ශ්‍රී ලංකා පොලිසිය තොරතුරු පනතට අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් කොමිෂන් සභාව පොලිසියෙන් ප්‍රශ්න කළා.

ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා ලිඛිතව දැනුම් දී තිබුණේ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට කල් ඉකුත් වූ කඳුළුගෑස් එල්ල කිරීම, එලෙස එල්ල කිරීමට වසර ලබාදුන්නේ කවුරුන්ද යන්න ආදී තොරතරු ජාතික ආරක්ෂාවට බරපතල අගතියක් වන බැවින් මුදා හැරීමට නොහැකි බවයි.

එම තොරතුරු ජාතික ආරක්ෂාවට බරපතල අගතියක් වන්නේ කෙසේද යන්න ගැන පැහැදිලි කරන ලෙස කොමිසම පොලිසියට දැනුම් දුන්නද ඒ බව තහවුරු කිරීමට පොලිසිය අපහොසත් වුණා.

එමෙන්ම 2010 වසරේ සිට 2022 දක්වා කඳුළු ගෑස් මිලදී ගැනීමට අදාල ටෙනඩර් ලියවිලි ලබා දෙන ලෙස කළ ඉල්ලීමට අදාලව පොලිසිය ලිඛිතව ලබා දී තිබුණේ පොලිසිය වසර පහෙන් පහට නඩුවලට අදාල නැති ලේඛන විනාශ කරන්න නිසා එම තොරතුරු ලබා දිය නොහැකි බවයි.

එම පිළිතුර සත්‍යයක් නම් ගෙවුණු වසර පහ තුළ කඳුළු ගෑස් මිලදී ගෙන නැති බව හැගෙවන බවත්, එසේ නම් පොලිසිය එල්ල කර ඇත්තේ වසර පහකට පෙර මිලදී ගත් කල් ඉකුත් වූ කඳුළුගෑස් බව හැඟී යන බවත් අභියාචනය කළ මාධ්‍යවේදියාගේ පාර්ශ්වයෙන් කරුණු දැක්වූ අතර ඒ ගැන කොමිසම පොලිසියෙන් ප්‍රශ්න කළා.

තොරතුරු පනත අනුව වසර 12ක් දක්වා වූ තොරතුරු ආරක්ෂා කළ යුතු බවත්, ඒ බව පොලිසියෙන්ම චක්‍රලේඛයක් පවා නිකුත් කර ඇති බවත්, එසේ තිබියදී එම තොරතුරු විනාශ කළ බව පොලිසිය කියන්නේ නම් තොරතුරු පනත උල්ලංඝණය කිරීම ගැන පරීක්ෂණයක් පැවැත්වීමට සිදුවන බවත්, පරීක්ෂණයෙන් පසු මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට සිදුවන බවත්, ඊට අදාලව වසර දෙකක් දක්වා සිර දඬුවම් ලබාදීමට පනත අනුව හැකියාව ඇතිබවත් කොමිෂන් සභාව මෙහිදී පෙන්වා දුන්නා.

ඒ අදාළ තොරතුරුවලින් කොටසක් ලබාදීමට පොලිසිය එකඟ විය. සෙසු තොරතුරු සම්බන්ධයෙන් ලබන 10 වැනිදාට පෙර ලිඛිත කරුණු දැක්වීමක් කරන ලෙස පොලිසියට දැනුම් දුන් කොමිෂන් සභාව අභියාචනා විභාගය ලබන 14 වැනිදාට කල් තැබුණා.

ශ්‍රී ලංකා පොලිසිය පනත අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි තීන්දු ගැනීමට සිදුවනු ඇතැයි කොමිෂන් සභාව වැඩිදුරටත් අවධාරණය කර සිටියා.


RECENT ARTICLES - SINHALA

පොලිස්පතිගෙන් සියළු පොලිස් ස්ථානවලට විශේෂ දැනුම් දීමක්

0
පොලීසිය විසින් සිදුකරන වැටලීම්, මෙහෙයුම්, සැකකරුවන්ගේ ප්‍රශ්ණ කිරීම්, අත්අඩංගුවට ගැනීම ආදිය සම්බන්ධව වීඩියෝ දර්ශන, පින්තුර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ප්‍රචාරය කිරීම සියලුම...

විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයට ඇමති ගෝලයෝ පහරදීලා

දිවුලපිටිය - ගොඩිගොමුව ප්‍රදේශයේදී විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සාමාජීකයින් කිහිපදෙනෙකුට පහරදීමක් සිදුකර තිබෙනවා. විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව එම සංගමය...

වසන්ත මුදලිගේ ෂැන්ග්‍රිලා ගියාද? ඇත්ත මෙන්න

0
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ මහතා සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.