Breaking: බස්නාහිර පළාතටම පොලිස් ඇඳිරි නීතිය

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට හෙට (02) පෙරවරු 06 දක්වා බස්නාහිර පළාතට ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවා තිබෙනවා. ඊයේ (31) දිනයේත් ජනාධිපතිවරයාගේ නිවස අසල පැවති විරෝධතාවයෙන් පසුව හා පෑලියගොඩදී නුවර පාර අවහිර කරමින් පස්වරුවේ පැවති විරෝධතාවයෙන් පසුව අද උදෑසන 5 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබූවා.