26.4 C
Colombo
Thursday, March 28, 2024

බැංකු තැන්පතු ඉල්ලූ චීනයේ විරෝධතාකරුවන් පිරිසකට ප්‍රහාර

- Advertisement -

අත්හිටුවා ඇති තම අරමුදල් නිදහස් කරන ලෙස ඉල්ලා බැංකු තැන්පත්කරුවන් පිරිසක් විසින් චීනයේ හෙනාන් පළාතේ ශේන්ගූසු මහජන බැංකු කාර්යාලය ඉදිරිපිටදී පැවැත් වූ විරෝධතා චීන මහජන සන්නද්ධ පොලිස් බලකායේ යැයි සැක කරන සුදු ඇඳගත් පිරිසක් විසින් දරුණු ලෙස මැඩපැවැත්වීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

මාධ්‍ය වාර්තා කළේ මෙම සුදු ඇඳගත් මිනිසුන් මහජන සන්නද්ධ පොලිසියේ හෝ සිවිල් ඇඳුමින් සැරසී සිටින පොලිස් නිලධාරීන් විය හැකි බවයි.

විශේෂයෙන්ම එසේ සුදු ඇඳුමින් සැරසී සිටි පිරිස් විරෝධතාකරුවන් වෙත ප්‍රචණ්ඩකාරී ලෙස පහර දුන් බවට වාර්තා පළවී තිබේ.

විරෝධතාකරුවන්ට ප්‍රාදේශීය පොලිසිය විසින් හිරිහැර කළ බවත් ඔවුන්ගේ නිවෙස් කරා ආපසු යාමෙන් පසු ඔවුන්ගේ සමාජ මාධ්‍යද අවහිර කළ බවත් සදහන් වේ.

ජාතික හා ජාත්‍යන්තර මාධ්‍යවල අවධානයට ලක් වූ බැංකු තැන්පත්කරුවන්ගේ විරෝධතාවලින් පසුව, මධ්‍යම හෙනාන් පළාතේ චීන බලධාරීන් විසින් අත්හිටුවා ඇති අරමුදල් ආපසු ගෙවීම ආරම්භ කරන බවට පොරොන්දු වී තිබේ.

වර්ධනය වන මුදල් අර්බුදයකට මුහුණ දී ඇති බැංකුවලින් තම මුදල් ආපසු ඉල්ලා සිටීමට උත්සාහ කළ සිය ගණනක් තැන්පත්කරුවන්ගේ විරෝධතාවක් චීනය ඉරිදා විසුරුවා හැරීමෙන් පසුව මෙම වර්ධනය සිදු වී තිබේ.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...