28.4 C
Colombo
Friday, April 26, 2024

රඹුක්කන විරෝධතාකරුවන්ට පොලීසියෙන් වෙඩි (වීඩියෝ)

- Advertisement -

අද (19) උදෑසන පටන් රඹුක්කන නගර මධ්‍යයේ සිට විරෝධතාවයේ නිරත පිරිසට පොලීසියෙන් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

පැය 15 කට ආසන්න කාලයක් පැවති මෙම විරෝධතාවය විසුරුවා හැරීම සදහා මීට පෙර කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කළා.

සිදුවීම වූ ස්ථානයේ තිබී හිස් පතරොම් කොපු කිහිපයක් මේ වන විට හමුවී තිබෙනවා.

ආණ්ඩුව එක් රැයකින් ඉන්ධන මිල දරාගත නොහැකි ආකාරයට ඉහළ දැමීමට විරෝධය පා අදාළ විරෝධතාවය අද උදෑසන පටන් ක්‍රියාත්මක වුණා.

නව බලශක්ති අමාත්‍යවරයා ලෙස වැඩභාරගත් කංචන විජේසේකර මහතා සිය පළමු රාජකාරිය ලෙස ඉන්ධන මිල ඉහළ දැමූ අතර නව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස වැඩ භාරගත් ප්‍රසන්න රණතුංග මහතා විරෝධතාකරුවන්ට වෙඩි තබාම සිය ධූරයේ රාජකාරී ආරම්භ කර තිබීම විශේෂත්වයක්.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...