29.7 C
Colombo
Thursday, April 25, 2024

වෙඩි තියන්න පොලිසියට බලය තියෙනවා..! – ඇමති ප්‍රසන්න

- Advertisement -

ඊයේ (19) දිනයේ රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන උද්ඝෝෂණයකට පොලිසිය විසින් වෙඩිතබනු ලැබුවේ පොලිස් ආඥාපනත අනුකූලව බව මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ඒ, අද දින පාර්ලිමේන්තුව අමතමින්.

පොලිසියට ඒ සඳහා අවශ්‍ය බලය ඇති බවයි ඔහු පවසන්නේ.

ඉන්ධන ලීටර් 33,000ක් සහිත තෙල් බවුසරයක් ගිනිතැබීමට උද්ඝෝෂකයින් උත්සාහ කළ බව පැවසූ අමාත්‍යවරයා එය සිදුවුණේ නම් අද වන විට රඹුක්කනක් ඉතිරි නොවන බවත් පවසනවා.

එමෙන්ම පසුගිය දිනවල රටේ පැවති උද්ඝෝෂණවලට බස් රථවලින් සෙනඟ අද්දවමින් ඒවා උත්සන්න කරවීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය කටයුතු කළ බවටත් අමාත්‍යවරයා එහිදී චෝදනා කර සිටියා.

අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදුකළේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය මධ්‍යයේ වන අතර එහිදී ඔවුන් අමාත්‍යවරයාට “මිනීමරුවා” යැයි කියමින් විරෝධය පළකරනු දක්නට ලැබිණි.


RECENT ARTICLES - SINHALA

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

සිරිපාල ශ්‍රීලනිපයට වැඩබලන මහලේකම් කෙනෙක් පත්කරලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත්කරගෙන තිබෙනවා. එම පක්ෂයේ අද (25) පැවති දේශපාලන මණ්ඩල රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබෙන...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...