27.4 C
Colombo
Wednesday, June 7, 2023

රජයට එරෙහිව ස්පාඤ්ඤ නාළිකාවකට ප්‍රකාශයක් ලබාදෙමින් සිටි කියුබානු Youtube තරුවක් වැඩසටහන අතරතුරදීම අත්ඩංගුවට

- Advertisement -

කියුබානු යූ ටියුබ් තරුවක් ලෙස සැලකෙන ඩීනා ෆර්ඩිනෑන්ඩ්ස් පසු ගිය දා සපාඤ්ඤ රූපවාහිනී නාළිකාවක් වෙත සජීවී ප්‍රකාශයක් ලබා දෙමින් සිටි අතරතුර කියුබානු ආරක්ෂක අංශයන් විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

ඇය එම අවස්ථාවේ අදාළ නාළිකාව සමඟ සම්බන්ධ වී රජයට එරෙහි විරෝධතා පිළිබඳ ප්‍රකාශක් ලබා දී තිබෙනවා.

ඇය කියුබානු යූ ටියුබ් පරිශීලකයන් අතර ජනප්‍රිය වී සිටින්නේ ඩීනා ස්ටාර්ස් යනුවෙන් ය.

සජීවී වැඩසටහන අතරතුර ඇය අත්අඩංගුවට ගැණුනු අතර “ආරක්ෂක හමුදා පිටත සිටිනවා. මා හට යාමට සිදු වෙනවා” යැයි පවසමින් ෆර්ඩිනෑන්ඩ්ස් සජීවී විකාශය අතරතුර නැගිට ගොස් තිබෙනවා.

වැඩසටහන මෙහෙයවමින් සිටි නිවේදිකාව ඔවුන් ඔබ අත් අඩංගුවට ගත්තා දැයි ඇගෙන් විමසා සිටියත් ඇය පැවසුවේ ඔවුන් කිසිවක් ප්‍රකාශ නොකළ බවයි.

ඔබ යන්නේ තනිවමද යනුවෙන් නිවේදිකාව ඇසූ විට ඇය “ඔව්, නමුත් මගේ මිතුරන් මා පසුපස ඒවි” යැයි ඩීනා හදිසියෙන් පවසා ඇය එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබෙනවා.

පසුව ඇය ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ වීඩියෝවක් පළ කරමින් ඇය නිදහස් කළ බවත් ඇයට කිසිදු හිරිහැරයක් සිදු නොවූ බවත් පැවසුවා.

එමෙන්ම ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රචාරය නොකරන්නැ යි ද ඇය එහිදී ඉල්ලා තිබෙනවා.

කෙසේ වෙතත් මේ පිළිබඳ CNN නාළිකාව කියුබානු බලධාරීන්ගෙන් විමසා සිටිය ද ඔවුන්තවමත් සිදුවීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

කියුබානු රජයට එරෙහිව පසු ගිය දා විරෝධතා මාලාවක් ඇති වුණු අතර ඒ සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරීන් මාධ්‍යවේදීන් ඇතුළු බොහෝ පිරිසක් අත්අඩංගුවට පත් වී ඇති බවත් තවත් අය අතුරුදන් වී ඇති බවත් වාර්තා වුණා.

RECENT ARTICLES - SINHALA

BREAKING – මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා මීට සුළු මොහොතකට පෙර කොළඹ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය කියා සිටියේ...

සුරාබදු නිලධාරීන් පිරිසක් කොළඹ වන් ගෝල්ෆේස් හිදී යකා නටයි

බීමත් සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් කොළඹ වන් ගෝල්ෆේස් වෙළඳ සංකීර්ණයේ පිහිටි පීසා ආපන ශාලාවක සේවකයෙකුට ඊයේ (06) රාත්‍රියේ පහර දී තිබෙනවා.

මහනුවර උසස් විදුහලක සිසු පිරිසක් තවත් සිසුවෙකුට විකට් පොලුවලින් පහර දීලා

මේ දිනවල පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්ණ පත්‍රය ඊයේ (06) පෙරවරුවේ මුහුණ දුන් මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ සිසුවෙකුට එම...

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...