24 C
Colombo
Sunday, February 16, 2025

අර්චුනාට එරෙහිව පොලීසියෙන් විමර්ශනයක්

- Advertisement -

රථ වාහන පොලීසියට අවනත නොවී කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට එරෙහිව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී වීමට කොළඹ බලා පැමිණෙන අතරතුර අනුරාධපුර ප්‍රදේශයේ දී රථවාහන රාජකාරියේ යෙදී සිටි රථවාහන අංශයේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.

ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසන්නේ, අද (21) දිනයේ දී අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

එපමණක් නොව එම මන්ත්‍රීවරයා විසින් සිදුකළ ප්‍රකාශයෙන් ජාතීන් අතර අසමගියක් ඇති වී තිබේද යන්න පිළිබඳව ද විමර්ශනයක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

මෝටර් රථ ප්‍රවාහන පනත මෙන්ම දණ්ඩ නීති සංග්‍රහය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට එරෙහිව අධිකරණයට කරුණු ගොනුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES