25 C
Colombo
Tuesday, April 29, 2025

මැතිවරණ නීති කැඩීම් ගැන පොලීසියෙන් නිවේදනයක්

- Advertisement -

2025 පළාත් පාලන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම වලට අදාළව ඊයේ (25) දින වන විට පැමිණිලි 7ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනවා.

ඒ අතරට මැතිවරණයට අදාළ අපරාධමය පැමිණිලි 01 ක්, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළව පැමිණිලි 6ක් ඇතුළත්.

මාර්තු 24 වන දින නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ මුල්ලේරියාව පොලිස් වසමේ මුල්ලේරියාව ප්‍රදේශයේ බැන තර්ජනය කිරීමක් සම්බන්ධව පැමිණිල්ලක් ලැබී ඇති අතර  මුල්ලේරියාව පොලිස් ස්ථානය ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

 මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළ පැමිණිලි,

 2025.03.24 වන දින මාතලේ පොලිස් කොට්ඨාසයේ මාතලේ පොලිස් ස්ථානය වෙතමාතලේ නගරය, බෝමලුව පාර, අගලවත්ත පාර හා හරස්ගම පාර යන මාර්ග දෙපස පෝස්ටර් ප්‍රදර්ශනය කිරීමකට අදාලව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මාතලේ පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

2025.03.25 වන දින මාතලේ පොලිස් කොට්ඨාසයේ යටවත්ත පොලිස් ස්ථානය වෙතයටවත්ත නගරයේ හා බිරිදෙවල මාර්ගයේ පෝස්ටර් ප්‍රදර්ශනය කිරීමකට අදාලව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. යටවත්ත පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

2025.03.25 වන දින මාතලේ පොලිස් කොට්ඨාසයේ මහවෙල පොලිස් ස්ථානය වෙතමහවෙල මාර්ගයේ හා නිකගොල්ල හන්දිය ප්‍රදේශයේ පත්‍රිකා ප්‍රදර්ශනය කිරීමකට අදාලව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මහවෙල පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

2025.03.25 වන දින වව්නියාව පොලිස් කොට්ඨාසයේ වව්නියාව පොලිස් ස්ථානය වෙතපෝස්ටර් ප්‍රදර්ශනය කිරීමකට අදාලව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. වව්නියාව පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

2025.03.25 වන දින කළුතර පොලිස් කොට්ඨාසයේ බදුරලිය පොලිස් ස්ථානය වෙතපෝස්ටර් ප්‍රදර්ශනය කිරීමකට අදාලව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. බදුරලිය පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

2025.03.25 වන දින මාතලේ පොලිස් කොට්ඨාසයේ මාතලේ පොලිස් ස්ථානය වෙතඅළු විහාරය සමන්දාව මාර්ගයේ පෝස්ටර් ප්‍රදර්ශනය කිරීමකට අදාලව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මාතලේ පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

RECENT ARTICLES - SINHALA

සැකකටයුතු කන්ටේනර් මුදා හැරීම ගැන චෝදනාවක්

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු  කන්ටේනර් 323ක් හිටි හැටියේ  පිට කිරීම බරපතළ  සැකයට තුඩු දෙන කාරණයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

වෙසක් දන්සල් ලියාපදිංචිය ගැන දැනුම්දීමක්

එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා....

තැපැල් ඡන්ද විමසීම අදින් අවසන්

පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද අවසන් වනවා. ඒ අනුව අදත් පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා තැපැල් ඡන්දය සළකුණු කළ...

POPULAR ARTICLES

සැකකටයුතු කන්ටේනර් මුදා හැරීම ගැන චෝදනාවක්

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු  කන්ටේනර් 323ක් හිටි හැටියේ  පිට කිරීම බරපතළ  සැකයට තුඩු දෙන කාරණයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

වෙසක් දන්සල් ලියාපදිංචිය ගැන දැනුම්දීමක්

එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා....

ස්පාඤ්ඤයට සහ පෘතුගාලයට හදිසි තත්ත්වයක්

ස්පාඤ්ඤයට සහ පෘතුගාලයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ , ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ ප්‍රදේශ රැසක විදුලිය බිදවැටීම හේතුවෙන්. ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතර විදුලිබල පද්ධතියේ...