28.4 C
Colombo
Sunday, May 18, 2025

ආලෝක සංඥා නිවා පොලිස් නිලධාරීන්ට රථ වාහන පාලනය තහනම්

- Advertisement -

මින් ඉදිරියට ආලෝක සංඥා අක්‍රීය කර රථවාහන පාලනය නොකරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සියලු පොලිස් කොට්ඨාස භාර ප්‍රධානීන්ට හා පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් දී තිබෙනවා.

රථවාහන ආලෝක සංඥා සවිකර ඇති ස්ථානවල එම ආලෝක සංඥා අක්‍රීය කර පොලිස් නිලධාරීන් රාජකාරියේ යෙදවීම ආලෝක සංඥා පුවරු සවිකිරීම මගින් අපේක්ෂා කරන ලද අරමුණුවලට පටහැනි බවයි, වැඩ බලන පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ.

එමෙන්ම එම ස්ථානවල රථවාහන පාලනයට රාජකාරි සඳහා යොදවනු ලබන පොලිස් නිලධාරීන්ගේ ශ්‍රමය අපතේ යෑමක් එමගින් සිදුවන බව ද ඔහු පෙන්වා දී තිබෙනවා.

මින් ඉදිරියට රථවාහන අලෝක සංඥා පුවරු මගින් රථවාහන පාලනයවීම ප්‍රමාණවත් නොවන විශේෂිත වූ අවස්ථාවකදී හැර රථවාහන ආලෝක සංඥා මගින් රථවාහන පාලනය කරන අවසථාවල පොලිස් නිලධාරීන් මගින් රථවාහන පාලනය කිරීම නොකළ යුතු බවද පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා උපදෙස් දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නලින්ද ස්විට්සර්ලන්තයට

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (18) පෙරවරුවේ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා...

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව විමසිලිමත් බවින් සිටින ලෙසට අදාල...

කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ සේවය අත්හිටුවලා

0
කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබන්ඩාර මහත්මියගේ සේවය අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා. ඒ එම අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයෙක් සමඟ නිල චෙම්බරය තුළ රහසේ ලිංගිකව...

POPULAR ARTICLES