24 C
Colombo
Thursday, March 30, 2023

සිංහරාජයේ කැළේ කපන බව ලක්ෂපති වැඩසටහනේ කී දැරියගෙන් පොලීසිය ප්‍රකාශයක් සටහන්කර ගනියි

- Advertisement -

පසුගියදා පැවති සිරස ලක්ෂපති වැඩසටහනට සහභාගී වී සිංහරාජ රක්ෂිතයේ සිදුවන පරිසර විනාශය පිළිබදව සිය අදහස් පලකල භාග්‍යා අබේරත්න දියණියගෙන් රක්වාන පොලීසිය කටඋත්තරයක් සටහන් කරගෙන තිබෙනවා.

ඒ එම වැඩසටහනට සහභාගීවී සිංහරාජ රක්ෂිතයේ ඇය ජීවත්වන ප්‍රදේශය අවට කැළේ කපමින් තිබෙන නමුත් කිසිවෙකුත් ඊට එරෙහිව කටයුතු නොකරමින් තිබෙන බවට ඇය සිදුකල ප්‍රකාශය සම්බන්දයෙනි.

භාග්‍ය අබේරත්න සිරස ලක්ෂපති වැඩසටහනට සහභාගී වී සිදුකල ප්‍රකාශය පිළිබදව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

ඇතැම් පාර්ශව ඇයගේ නිර්භීතභාවය පිළිබදව ප්‍රශංසාත්මකව අදහස් පලකරන අතර ඇතැම් පාර්ශව ඇය පවසන තොරතුරු ව්‍යාජ ඒවා බවට විවිධ තර්ක ඉදිරිපත් කරමින් සිටිනවා.

එම පාර්ශව සදහන් කරන්නේ කැළේ කපන බවට ඇය පවසන ඉඩම් සිංහරාජයට අයත් ඉඩම් නොව පෞද්ගලික ඉඩම් බවයි.

කෙසේ වෙතත් පරිසරවේදී සජීව චාමිකර මහතා පවසන්නේ සිංහරාජයට අයත් ඉඩම් රැසක් මේ වන විට ව්‍යාජ ඔප්පු සකසා පෞද්ගලික පරිහරණයට ගෙන ඇති බවට තොරතුරු තහවුරු වී ඇති බවයි.


RECENT ARTICLES - SINHALA

ක්‍රිප්ටෝ කරන්සි ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

0
ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ...

ONMAX DT අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

අමෙරිකානු ඩොලර් කෝටි 10ක පිරමීඩාකාර මූල්‍ය වංචාවක් සිදුකළ බව කියන පුද්ගලික(ONMAX DT) ආයතනයේ අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොලඹ මහේස්ත්‍රාත්...

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...