අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය දූෂණය කළ සිද්ධියට අදාළව ‘බී’ වාර්තාවේ සඳහන් වෛද්‍යවරියගේ ප්‍රකාශයේ සම්පින්ඩනය උපුටා දක්වමින්, එම වින්දිත පාර්ශවය අගතියට පත් කරමින් ඇතැම් මාධ්‍ය ආයතන විසින් ප්‍රවෘත්ති පළ කර ඇති බව පොලීසිය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පවසන්නේ, ඇතැම් මාධ්‍ය විසින් මෙලෙස කටයුතු කරන ලද පළමු අවස්ථාව මෙය නොවන බවත් මෙම සිද්ධියේදී සැකකරුගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීම ඇතුළු විමර්ශනයට හා ඉදිරි නඩු කටයුතු වලට අගතිදායක ලෙස බලපාන ලෙසට එම මාධ්‍ය ආයතන විසින් කටයුතු කිරීම පිළිබඳව කණගාටු වන බවයි.
ඒ අනුව ඇතැම් මාධ්‍ය විසින් අපරාධ විමර්ශන පිළිබඳ තොරතුරු කිසිඳු සැලකිල්ලකින් තොරව ප්‍රසිද්ධියට පත් කිරීම හේතුවෙන් විමර්ශන ක්‍රියාවලියටද බාධා සිදු වී ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
එමෙන්ම විමර්ශන සිදු කිරීමේදී දායක කර ගනු ලබන ඇතැම් තාක්ෂණික කරුණු ප්‍රචාරය කිරීම මගින් අනාගතයේ අපරාධ සිදු කිරීමට වක්‍රාකාරව දායකත්වය සැපයීමද මෙමගින් සිදු වී ඇති බවද පොලීසිය පවසනවා.
එම නිවේදනය පහතින්,


