නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කරමින් පසුගියදා කොළඹ ප්‍රසිද්ධ හෝටලයක පැවති උපන් දින සාදය සඳහා සහභාගි වූ තවත් පුද්ගලයන් 06 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
අදාල පිරිස සාදයට සහභාගි වූ බව හෝටලයේ CCTV දර්ශන ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම කොළඹ මධ්‍යම දූෂණ විමර්ශන ඒකකය වෙත පවරා තිබෙනවා.
අදාල හෝටලයේ කළමනාකරුවෙකුගෙන් අද පෙරවරුවේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර මෙම උපන් දින සාදය පැවති අවස්ථාවේදී කළමනාකරු ලෙස කටයුතු කළ පුද්ගලයාගෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතයි.
මෙම සාදයට සහභාගි වූ නිරූපණ ශිල්පී පියුමි හංසමාලි ඇතුළු පිරිසක් නිරෝධායනය සඳහා ඊයේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකර තිබිණි.