25 C
Colombo
Friday, March 29, 2024

හම්බන්තොට නගරාධිපති කොළඹදී යකා නටා නැවතත් කරළියට

- Advertisement -

පුද්ගලයින් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියකට හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලීසිය ප්‍රකාශ කරනවා.

නගරාධිපතිවරයා පසුගිය 14 වනදා රාත්‍රියේ සිය මෝටර් රථයෙන් පැමිණ බම්බලපිටිය – කොතලාවල ඇවනිව් ප්‍රදේශයේ ඉඩමකට කඩාවැදී එහි ආරක්ෂාවට සිටි පුද්ගලයින් දෙදෙනෙකුට පහරදී ඇති අතර ඉන් එක් අයෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

එරාජ් ප්‍රනාන්දු මහතා තමාටත් තමන් සමග සිටි අනෙක් ආරක්ෂක නිලධාරියාටත් පරුෂ වචනයෙන් බැන වැදී පහර දුන් බව ආරක්ෂක නිලධාරියකු බම්බලපිටිය පොලිසියට කළ පැමිණීල්ලක් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම පහරදීම සම්බන්ධයෙන් සිව් දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් එම ප්‍රකාශ ඔස්සේ පරීක්ෂණ පවත්වා එරාජ් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සදහා කටයුතු කරමින් සිටින බවත් බම්බලිපිටිය පොලීසිය වැඩිදුරටත් සදහන් කරනවා.

2014 වසරේ අප්‍රේල් මාසයේදී හම්බන්තොට වරාය නිරීක්ෂණයට ගිය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු කණ්ඩායමකට පිස්තෝලයක් පෙන්වා බිය ගැන්වීමේ සිද්ධියකට අදාලව හම්බන්තොට මහාධිකරණය විසින් මොහුව මීටපෙර බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරනු ලැබුවා.

කෙසේ නමුත් එරාජ් ප්‍රනාන්දු වෙනුවෙන් මහාධිකරණයට යොමුවූ ඇප අයැදුම්පතක් සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරු චාමර තෙන්නකෝන්ගේ නියෝගයකට අනුව ඔහුව ඇප මත මුදා හරින ලදි.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...