කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ආරක්ෂාව යොදවා තිබෙනවා.
දුම්රිය නියාමක සංගමය ආරම්භ කර තිබෙන වෘත්තීය ක්රියාමාර්ගය හේතුවෙන් අද (04) සවස් කාලයේදී දුම්රිය ප්රමාදයක් සිදුව තිබෙන අතර වැඩ වර්ජනය හේතුවෙන් සියලු කාර්යාල දුම්රිය අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තුමේන්තුව කටයුතු කර තිබෙනවා.
මේ හේතුවෙන් දුම්රියෙන් ගමන් කිරීම සදහා පැමිණ සිටි ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා.