කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රයට නීතිය ක්‍රියාත්මක නොකර මුදාහැරීම සඳහා රියැදුරකුගෙන් රුපියල් 3000ක් අල්ලස් මුදලක් ලබාගත් මතුගම මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.
සැකකාර පොලිස් සැරයන්වරයා පසුගිය 14 වැනිදා මතුගම ඔරලෝසු කණුව අසල රාත්‍රී රාජකාරියේ යෙදී සිටියදී ලොරි රථයක් පරීක්ෂා කර එහි රියදුරාගේ රියදුරු බලපත්‍රය කල් ඉකුත්වීම නිසා එම වරදින් මුදවා හැරීමට රුපියල් 5000/= ඉල්ලා තිබූ බව පොලිසියේ සඳහන් කරනවා.
එම මුදලින් රුපියල් 3000 ක මුදලක් මතුගම ඔරලෝසු කණුව අසලදි ලබාගැනීමේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.