27.8 C
Colombo
Thursday, April 25, 2024

පහන්තුඩාව ඇල්ලේ ලිංගිකව හැසිරුණු යුවල සොයා පොලිස් පරීක්ෂණ – ඇල්ලට පොලිස් කණ්ඩායමක්

- Advertisement -

සුන්දර දියඇල්ලක් වන පහන්තුඩාව අසල තරුණ යුවළක් ලිංගිකව හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් පිළිබඳව පොලිස් මූලස්ථානයේ දැඩි අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව පරිගණක අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් අද (01) පහන්තුඩාව දියඇල්ල ආසන්නයට ගොස් පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිතයි.

මෙම වීඩියෝ පටය සහ ඊට අදාල දර්ශන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේ දිනවල සංසරණය වූ බවත් දරුවන් ඔන්ලයින් අධ්‍යාපනයට යොමුව ඇති වකවානුවක මෙම දර්ශන නැරඹීමට යොමුවුවහොත් එය ඛේදජනක බවත් ශ්‍රී ජයවර්ධනපුර ජයසේකරාරාමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකළ ලිපියක දැක්වුණා.

මෙම වීඩියෝව හරහා මෙරට සදාචාරයට මරුපහරක් එල්ලවන බවත් තවත් මෙවැනිම වීඩියෝවක් මීමුරේ ප්‍රදේශයේත් පටිගත කරඇති බවත් එම ලිපියේ වැඩිදුරටත් දැක්වුණු අතර, එම ලිපිය යොමු කළ ස්වාමීන් වහන්සේ ජනපතිවරයාගෙන් ඉල්ලා සිටියේ මේ සඳහා නීතිමය පියවරක් ගන්නා ලෙසයි.

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...