29 C
Colombo
Sunday, March 16, 2025

ක්‍රිෂ්’ට එරෙහිව පොලිසිය අධිකරණයට

- Advertisement -

කොළඹ කොටුවේ ඉදිකරමින් පවතින ක්‍රිෂ් ගොඩනැගිල්ල අනාරක්ෂිත බවත් ඉන් විශාල මහජන පීඩාවක් සිදුවන බවත් සඳහන් කරමින් කොටුව පොලිසිය අද (11) කොටුව මහේස්ත්‍රාත් තණූජා ලක්මාලි හමුවේ කරුණු දැක්වුවා.

ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 98 වගන්තිය යටතේ කරුණු දැක්වූ කොටුව පොලිසිය එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩයට නොතිසි නිකුත් කරන ලෙස කොටුව පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කරමින් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අනිද්දා (13) අදාළ සාක්ෂි කැඳවන ලෙසද නියෝග කර තිබුණා.

කොටුව පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පසුගිය ඔක්තෝම්බර් මස 06වනදා එම ස්ථානයට ආසන්නයේ නවතා තිබූ මෝටර් රථයක් මතට එම ගොඩනැගිල්ලේ යකඩ කොටසක් කඩා වැටුණු බවත් පසුගිය 08වනදා රාත්‍රියේද එහි තිබූ යකඩ කොටසක් කඩා වුටුණු බවත් එම අවස්ථාවේ කාර්යාල සේවකයින් මෙන්ම රථ වාහනද එම ස්ථානයෙන් ගමන් ගත් බවත් අධිකරණයට දන්වා සිටියා.

මේ ගොඩනැල්ල හේතුවෙන් විශාල මහජන පීඩාවක් සිදුවන බව පෙන්වා දෙමින්, සුදුසු අධිකරණ නියෝග ලබා දෙන ලෙස කොටුව පොලිසිය දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කරමින් ඉල්ලා තිබෙනවා.

මෙම නඩුව යළි ලබන 13වනදා යළි කැඳවීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දයේ නාමයෝජනා ගැන කොමිසමෙන් දැනුවත් කිරීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකරයන් සම්බන්ධව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, කරුණු...

මේ වාර්තාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා – රනිල්

බටලන්ද නිවාස සංකීර්ණයෙන් පොලිස් නිලධාරීන්ට ගොඩනැගිලි සහ නිවාස කීපයක් ලබාදීම සම්බන්ධයෙන් තමා ඊට වක්‍රාකාරයෙන් වගකිව යුතු බව පමණක් බටලන්ද කොමිෂන් සභාව වාර්තාවේ සඳහන් වන...

කොළඹ වරාය ආසන්නයේ තෙල් නළයක කාන්දුවක්

කොළොන්නාවේ සිට කොළඹ වරාය දක්වා ඉන්ධන ප්‍රවාහනය කරන නළයක කාන්දුවක් වී ඇති බවත්, එම කන්දුව මේ වන විට සම්පූර්ණමයෙන්ම නතර කර ඇති බවත්, ලංකා...

POPULAR ARTICLES