එළඹෙන ජනාධිපතිවරණය අළලා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ තර්ජනාත්මක ප්‍රකාශයක් සිදුකළ බව කියන පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රශ්න කර තිබෙනවා.
ජාතික ජන බලවේගයට සහය දක්වන ආධාරකරුවන් පිරිසක් අතර සිටි පුද්ගලයෙක් මෙලෙස තර්ජනාත්මක ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා එල්ල වුණා.
අදාළ පුද්ගලයා එම තර්ජනාත්මක ප්‍රකාශය සිදු කරන වීඩියෝ දර්ශනද සමාජ මාධ්‍ය තුළ හුවමාරු වීමද දක්නට ලැබුණා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළේ එම වීඩියෝවෙහි පෙනී සිටින පුද්ගලයා 47 හැවිරිදි කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි.
ඔහු හිටපු යුද හමුදා මේජර්වරයෙකු බවත් අදාළ හඬපටය මේ වනවිට රජයේ රස පරීක්ෂකවරයාට යොමුකර ඇති බවත් නිහාල් තල්දුව මහතා තවදුරටත් සඳහන් කළා.