28 C
Colombo
Friday, July 19, 2024

කොරියාවේ පිරිමි සියදිවි නසාගැනීම්වලට හේතුව කාන්තාවන් බවට ප්‍රකාශයක්

- Advertisement -

දකුණු කොරියාවේ පිරිමි පුද්ගලයන්ගේ සිය දිවි නසා ගැනීම් වැඩි වීමට, කාන්තාවන් සමාජයේ වඩා බලවත් භූමිකාවක් මෙහෙයවීම හේතු වී ඇති බවට දකුණු කොරියාවේ දේශපාලකයෙක් ප්‍රකාශ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහුගේ මෙම  පදනම් විරහිත ප්‍රකාශය මේ වන විට  දැඩි ලෙස විවේචනය ලක්ව ඇති බවයි.

දකුණු කොරියාවේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරන කිම් කී ඩුක්, පවසා ඇත්තේ වසර ගණනාවක් පුරා ශ්‍රම බලකායේ කාන්තා සහභාගීත්වය වැඩිවීම හේතුවෙන් පිරිමි පුද්ගලයින්ට රැකියා ලබා ගැනීමට මෙන්ම ඔවුන්ව විවාහ කරගැනීමට කැමති කාන්තාවක් සොයා ගැනීම වඩා අපහසු කර ඇති බවයි.

දකුණු කොරියාව මේ වන විට ස්ත්‍රී මූලික සමාජයක් බවට පරිවර්තනය වීමට පටන් ගෙන ඇති බවත් පිරිමි පුද්ගලයින් සිය දිවි නසාගැනීම් වැඩිවීමට මෙය බලපා ඇති බවත් ඔහු තවදුරටත් අවධාරණය කර තිබෙනවා.

දකුණු කොරියාව ලෝකයේ ධනවත් රටවල් අතර ඉහළම සියදිවි නසාගැනීම් අනුපාතයක් සහිත රටක් වන අතරම එය  ස්ත්‍රී  -පුරුෂ සමානාත්මතාවය අතින් ඉතා පසුගාමී ස්ථානයක පසුවෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දකුණු කොරියාවේ සෝල් නුවර ගන් ගංඟාව ආශ්‍රිතව ඇති පාලම්වලින් පැය සිය දිවි නසාගැනීමට උත්සාහ කරන පුද්ගලයන්ගේ දත්ත ආශ්‍රයෙන් කිම් කී ඩුක් මෙම තක්සේරුවට පැමිණ ඇති බවයි.

මෙලෙස පාලම්වලින් පැන සියදිවි හානි කරගැනීමේ උත්සාහ කරන පිරිස 2018 දී 430 ක් ලෙස වාර්තා වී ඇති අතර එය 2023 දී 1,035 දක්වා ඉහළ ගොස් ඇති බව අදාළ වාර්තාවේ සඳහන්.

එමෙන්ම, එමඟින් තවදුරටත් අනාවරණය වී ඇත්තේ ඒ අතර සිටින  පිරිමි පුද්ගලයින්ගේ අනුපාතය 67% සිට 77% දක්වා ඉහළ ගොස් ඇති බවයි.

කෙසේවෙතත්, මෙම දේශපාලඥයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කණස්සල්ල්ල පළ කරන කොරියානු මානසික සෞඛ්‍ය පිළිබඳ විශේෂඥයෙක් පෙන්වා දෙන්නේ  ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීම භයානක බවයි.

සියදිවි නසා ගැනීමට උත්සාහ කරන පිරිමින්ගේ ගණන ඉහළ යාම පිටුපස ඇති හේතු විද්‍යාත්මකව අධ්‍යයනය කළ යුතු වන අතරම මන්ත්‍රීවරයා මෙය ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ගැටුමක්  බවට පත්කරගෙන තිබීම ඉතා කණගාටුදායක කරුණක් බවද ඔහු පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පාස්පෝට් කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්වයක්

ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට අද (19) උදෑසන උණුසුම් තත්වයක් හට ගෙන තිබෙනවා. විදෙස් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගේ පහසුව සඳහා ගමන් බලපත්‍ර අයදුම් කිරීම නව ක්‍රමවේදයක් ඔස්සේ...

ලංකාවේ කුකුළුමස් චීනයට යවන්න අවසර

මෙරට නිෂ්පාදනය කෙරෙන කුකුළු මස් හා බිත්තර මෙන්ම අන්නාසි චීනයට අපනයනය සඳහා දීර්ඝ කාලයක් තිස්සේ පැවැති බාධක චීන රජය විසින්  ඉවත් කර තිබෙනවා. කෘෂිකර්ම හා...

මෙරට උපාධිධාරීන්ට ජපානයේ රැකියා

ජපානයේ විදුලි සැපයුම් ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමේ අරමුණින් එරට පෞද්ගලික අංශයේ පවතින රැකියා අවස්ථා සඳහා තාක්ෂණ ක්ෂේත්‍රයේ ලාංකික උපාධිධාරීන් බඳවා ගැනීමට කැමැත්තෙන් පසුවන බව ජපානය...

POPULAR ARTICLES

සඳුදා යළිත් පාසැල් වැසෙන ලකුණු

සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව, ඔවුන් සඳහන් කළේ ලබන සඳුදා (22)...

මුද්‍රිත විදුලි බිල්පත අනිවාර්යයි

පාරිභෝගිකයන් ඉල්ලා සිටින විට මුද්‍රිත විදුලි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. නව විදුලි ගාස්තු සංශෝධනයත් සමග ශ්‍රී ලංකා...

මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නෙවෙයි – සනත් නිශාන්තගේ බිරිඳ(වීඩියෝ)

රටේ තිබු යුද්ධය නැති කළ නායකයා මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නොවන බව සනත් නිශාන්ත මහතාගේ බිරිඳ චමරි ප්‍රියංකා මහත්මිය පවසනවා. ඇය මේබව කියා සිටියේ...