32 C
Colombo
Friday, March 29, 2024

පොළොන්නරුවේ විදුහල්පතිවරුන් රාජකාරි වලින් ඉවත් වේ

- Advertisement -

වෘත්තීය ක්‍රියාමාර්ග අනුව තමන් රාජකාරි කටයුතු වලින් ඉවත්වන බව පොළොන්නරුව අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් දන්වා සිටිනවා.

උතුරුමැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සහ කලාප අධ්‍යක්ෂවරුන් අතර පැවති zoom හමුවේදී විදුහල්පතිවරුන් හෑල්ලුවට ලක් කිරීමට විරෝධය පෑමත්, ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සංධානය ප්‍රකාශිත සියළු කරුණු වලට එකඟතාව පල කිරීමත් මෙහි අරමුණ වී ඇත.

මේ අතර, ගුරුවරුන්ගේ හා විදුහල්පති වැටුප් ගැටළුව විසඳීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදි අද සවස පැවැත්විණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද එම අවස්ථාවට එක්ව සිටියහ.

කෙසේ නමුත්, අග්‍රාමාත්‍ය වරයාගේ ප්‍රධානත්වයෙන් අද ගුරු නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවට තමන්ට කැඳවීමක් නොලද බව ගුරුවිදුහල්පති වැටුප් විෂමතා සටනේ නිරත ගුරු සංගම් සංධානය අද පස්වරුවේ සඳහන් කර සිටියා.

අදාල රැස්වීම අද පැවැත්වීමට නියමිතව තිබූ නමුත් එය කල් ගිය බව දැනුම් දුන් බව ඔවුන් කියා සිටියේ.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද ගුරු නියෝජිතයන් සමග පැවති සාකච්ඡාව
ගුරුවිදුහල්පති වැටුප් විෂමතා සටනේ නිරත ගුරු සංගම් සංධානය

RECENT ARTICLES - SINHALA

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

P.H.I ඝාතන විමර්ශන CIDයට

ඇල්පිටිය ප්‍රදේශයේදී PHI නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යම් යම් තොරතුරු ලැබෙමින් පවතින බව පොලීසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව...

රුසියානු – යුක්රේන යුද්ධයෙන් මියයන ශ්‍රී ලාංකික සෙබලුන් ගැන වාර්තාවක්

රුසියානු – යුක්රේන යුද්ධය අතරතුර ශ්‍රී ලාංකික සෙබළුන් 5 දෙනෙකු පමණ මේ වන විට මිය ගොස් ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා. එම වාර්තාවල සඳහන්...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...